මහණෙනි, යම් මහණෙක් ශ්‍රද්ධාවෙන් (ඇදහීමෙන්) තොර ව ම, ආසාවෙන් තොර ව ම, පරම්පරා කථාවෙන් ඇසීමෙන් තොර ව ම, කරුණු පරීක්ෂා කිරීමෙන් තොර ව ම, දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් තොර ව ම ‘ජාතිය ක්ෂය විය, මාර්ග බ්‍රහ්මචරියාව වාසය කර නිම විය, කළ යුත්ත කරන ලදි, නිවන් පිණිස මත්තේ කළ යුත්තක් නැතැයි මනා ව දැන ගනී’ යැයි රහත් බව ප්‍රකාශ කළ හැකි එබඳු ක්‍රමයක් ඇත.
ඒ ක්‍රමය කුමක් ද යත්;
මහණෙනි, යම් මහණෙක් ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි තමා තුළ ඇති ආසාව, එනම් ලෝභය (රාගය), තරහ (ද්වේෂය) සහ රැවටෙනසුලුකම එනම් මෝඩකම (මෝහය) ඇතැයි මනා ව දැනගනියි. එසේ ම ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි තමා තුළ නැති ලෝභය, තරහ, මෝඩකම නැතැයි මනා ව දැනගනියි.
මහණෙනි, යම් මහණෙක් ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි තමා තුළ ඇත්තා වූ ලෝභය, තරහ සහ මෝඩකම ඇතැයි මනා ව දැනගැනීමක් වේ ද, එසේ ම ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි තමා තුළ නැත්තා වූ ලෝභය, තරහ සහ මෝඩකම නැතැයි මනා ව දැනගැනීමක් වේ ද මේ දහම් ඇදහීමෙන් දත යුත්තේ ද? ආසාවෙන් දත යුත්තේ ද? පරම්පරා කථාවෙන් ඇසීමෙන් දත යුත්තේ ද? කරුණු පරීක්ෂා කිරීමෙන් දත යුත්තේ ද? දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් දත යුත්තේ ද?
භාග්‍යවතුන් වහන්ස, මෙසේ දත යුතු නොවෙයි.
මහණෙනි, මේ දහම් නුවණින් දත යුතු නොවේ ද?
භාග්‍යවතුන් වහන්ස, එසේය.
මහණෙනි, යම් මහණෙක් ඇදහීමෙන් තොර ව ම, ආසාවෙන් තොර ව ම, පරම්පරා කථාවෙන් ඇසීමෙන් තොර ව ම, කරුණු පරීක්ෂා කිරීමෙන් තොර ව ම, දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් තොර ව ම ‘ජාතිය ක්ෂය විය, මාර්ග බ්‍රහ්මචරියාව වාසය කර නිම විය, කළ යුත්ත කරන ලදි, නිවන් පිණිස මත්තේ කළ යුත්තක් නැතැයි මනා ව දැන ගනී’ යැයි රහත් බව ප්‍රකාශ කළ හැකි එබඳු ක්‍රමය මෙය වෙයි.
මහණෙනි, යම් මහණෙක් කනෙන් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි තමා තුළ ඇති ලෝභය, තරහ සහ රැවටෙනසුලුකම එනම් මෝඩකම ඇතැයි මනා ව දැනගනියි. එසේ ම කනෙන් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි තමා තුළ නැති ලෝභය, තරහ සහ මෝඩකම නැතැයි මනා ව දැනගනියි.
මහණෙනි, යම් මහණෙක් කනෙන් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි තමා තුළ ඇත්තා වූ ලෝභය, තරහ සහ මෝඩකම ඇතැයි මනා ව දැනගැනීමක් වේ ද, එසේ ම කනෙන් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි තමා තුළ නැත්තා වූ ලෝභය, තරහ සහ මෝඩකම නැතැයි මනා ව දැනගැනීමක් වේ ද මේ දහම් ඇදහීමෙන් දත යුත්තේ ද? ආසාවෙන් දත යුත්තේ ද? පරම්පරා කථාවෙන් ඇසීමෙන් දත යුත්තේ ද? කරුණු පරීක්ෂා කිරීමෙන් දත යුත්තේ ද? දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් දත යුත්තේ ද?
භාග්‍යවතුන් වහන්ස, මෙසේ දත යුතු නොවෙයි.
මහණෙනි, මේ දහම් නුවණින් දත යුතු නොවේ ද?
භාග්‍යවතුන් වහන්ස, එසේය.
මහණෙනි, යම් මහණෙක් ඇදහීමෙන් තොර ව ම, ආසාවෙන් තොර ව ම, පරම්පරා කථාවෙන් ඇසීමෙන් තොර ව ම, කරුණු පරීක්ෂා කිරීමෙන් තොර ව ම, දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් තොර ව ම ‘ජාතිය ක්ෂය විය, මාර්ග බ්‍රහ්මචරියාව වාසය කර නිම විය, කළ යුත්ත කරන ලදි, නිවන් පිණිස මත්තේ කළ යුත්තක් නැතැයි මනා ව දැන ගනී’ යැයි රහත් බව ප්‍රකාශ කළ හැකි එබඳු ක්‍රමය මෙය වෙයි.
මහණෙනි, යම් මහණෙක් නහයෙන් ගඳ දැන ඒ ගඳ කෙරෙහි තමා තුළ ඇති ලෝභය, තරහ සහ රැවටෙනසුලුුකම එනම් මෝඩකම ඇතැයි මනා ව දැනගනියි. එසේ ම නහයෙන් ගඳ දැන ඒ ගඳ කෙරෙහි තමා තුළ නැති ලෝභය, තරහ සහ මෝඩකම නැතැයි මනා ව දැනගනියි.
මහණෙනි, යම් මහණෙක් නහයෙන් ගඳ දැන ඒ ගඳ කෙරෙහි තමා තුළ ඇත්තා වූ ලෝභය, තරහ සහ මෝඩකම ඇතැයි මනා ව දැනගැනීමක් වේ ද, එසේ ම නහයෙන් ගඳ දැන ඒ ගඳ කෙරෙහි තමා තුළ නැත්තා වූ ලෝභය, තරහ සහ මෝඩකම නැතැයි මනා ව දැනගැනීමක් වේ ද මේ දහම් ඇදහීමෙන් දත යුත්තේ ද? ආසාවෙන් දත යුත්තේ ද? පරම්පරා කථාවෙන් ඇසීමෙන් දත යුත්තේ ද? කරුණු පරීක්ෂා කිරීමෙන් දත යුත්තේ ද? දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් දත යුත්තේ ද?
භාග්‍යවතුන් වහන්ස, මෙසේ දත යුතු නොවෙයි.
මහණෙනි, මේ දහම් නුවණින් දත යුතු නොවේ ද?
භාග්‍යවතුන් වහන්ස, එසේය.
මහණෙනි, යම් මහණෙක් ඇදහීමෙන් තොර ව ම, ආසාවෙන් තොර ව ම, පරම්පරා කථාවෙන් ඇසීමෙන් තොර ව ම, කරුණු පරීක්ෂා කිරීමෙන් තොර ව ම, දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් තොර ව ම ‘ජාතිය ක්ෂය විය, මාර්ග බ්‍රහ්මචරියාව වාසය කර නිම විය, කළ යුත්ත කරන ලදි, නිවන් පිණිස මත්තේ කළ යුත්තක් නැතැයි මනා ව දැන ගනී’ යැයි රහත් බව ප්‍රකාශ කළ හැකි එබඳු ක්‍රමය මෙය වෙයි.
මහණෙනි, යම් මහණෙක් දිවෙන් රස දැන ඒ රස කෙරෙහි තමා තුළ ඇති ලෝභය, තරහ සහ රැවටෙනසුලුුකම එනම් මෝඩකම ඇතැයි මනා ව දැනගනියි. එසේ ම දිවෙන් රස දැන ඒ රස කෙරෙහි තමා තුළ නැති ලෝභය, තරහ, මෝඩකම නැතැයි මනා ව දැනගනියි.
මහණෙනි, යම් මහණෙක් දිවෙන් රස දැන ඒ රස කෙරෙහි තමා තුළ ඇත්තා වූ ලෝභය, තරහ සහ මෝඩකම ඇතැයි මනා ව දැනගැනීමක් වේ ද, එසේ ම දිවෙන් රස දැන ඒ රස කෙරෙහි තමා තුළ නැත්තා වූ ලෝභය, තරහ, මෝඩකම නැතැයි මනා ව දැනගැනීමක් වේ ද මේ දහම් ඇදහීමෙන් දත යුත්තේ ද? ආසාවෙන් දත යුත්තේ ද? පරම්පරා කථාවෙන් ඇසීමෙන් දත යුත්තේ ද? කරුණු පරීක්ෂා කිරීමෙන් දත යුත්තේ ද? දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් දත යුත්තේ ද?
භාග්‍යවතුන් වහන්ස, මෙසේ දත යුතු නොවෙයි.
මහණෙනි, මේ දහම් නුවණින් දත යුතු නොවේ ද?
භාග්‍යවතුන් වහන්ස, එසේය.
මහණෙනි, යම් මහණෙක් ඇදහීමෙන් තොර ව ම, ආසාවෙන් තොර ව ම, පරම්පරා කථාවෙන් ඇසීමෙන් තොර ව ම, කරුණු පරීක්ෂා කිරීමෙන් තොර ව ම, දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් තොර ව ම ‘ජාතිය ක්ෂය විය, මාර්ග බ්‍රහ්මචරියාව වාසය කර නිම විය, කළ යුත්ත කරන ලදි, නිවන් පිණිස මත්තේ කළ යුත්තක් නැතැයි මනා ව දැන ගනී’ යැයි රහත් බව ප්‍රකාශ කළ හැකි එබඳු ක්‍රමය මෙය වෙයි.
මහණෙනි, යම් මහණෙක් කයෙන් පහස විඳ ඒ පහස කෙරෙහි තමා තුළ ඇති ලෝභය, තරහ සහ රැවටෙනසුලුකම එනම් මෝඩකම ඇතැයි මනා ව දැනගනියි. එසේ ම කයෙන් පහස විඳ ඒ පහස කෙරෙහි තමා තුළ නැති ලෝභය, තරහ සහ මෝඩකම නැතැයි මනා ව දැනගනියි.
මහණෙනි, යම් මහණෙක් කයෙන් පහස විඳ ඒ පහස කෙරෙහි තමා තුළ ඇත්තා වූ ලෝභය, තරහ සහ මෝඩකම ඇතැයි මනා ව දැනගැනීමක් වේ ද, එසේ ම කයෙන් පහස විඳ ඒ පහස කෙරෙහි තමා තුළ නැත්තා වූ ලෝභය, තරහ සහ මෝඩකම නැතැයි මනා ව දැනගැනීමක් වේ ද මේ දහම් ඇදහීමෙන් දත යුත්තේ ද? ආසාවෙන් දත යුත්තේ ද? පරම්පරා කථාවෙන් ඇසීමෙන් දත යුත්තේ ද? කරුණු පරීක්ෂා කිරීමෙන් දත යුත්තේ ද? දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් දත යුත්තේ ද?
භාග්‍යවතුන් වහන්ස, මෙසේ දත යුතු නොවෙයි.
මහණෙනි, මේ දහම් නුවණින් දත යුතු නොවේ ද?
භාග්‍යවතුන් වහන්ස, එසේය.
මහණෙනි, යම් මහණෙක් ඇදහීමෙන් තොර ව ම, ආසාවෙන් තොර ව ම, පරම්පරා කථාවෙන් ඇසීමෙන් තොර ව ම, කරුණු පරීක්ෂා කිරීමෙන් තොර ව ම, දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් තොර ව ම ‘ජාතිය ක්ෂය විය, මාර්ග බ්‍රහ්මචරියාව වාසය කර නිම විය, කළ යුත්ත කරන ලදි, නිවන් පිණිස මත්තේ කළ යුත්තක් නැතැයි මනා ව දැන ගනී’ යැයි රහත් බව ප්‍රකාශ කළ හැකි එබඳු ක්‍රමය මෙය වෙයි.
මහණෙනි, යම් මහණෙක් සිතෙන් දහම් දැන ඒ දහම් කෙරෙහි තමා තුළ ඇති ලෝභය, තරහ සහ රැවටෙනසුලුකම එනම් මෝඩකම ඇතැයි මනා ව දැනගනියි. එසේ ම සිතෙන් දහම් දැන ඒ දහම් කෙරෙහි තමා තුළ නැති ලෝභය, තරහ සහ මෝඩකම නැතැයි මනා ව දැනගනියි.
මහණෙනි, යම් මහණෙක් සිතෙන් දහම් දැන ඒ දහම් කෙරෙහි තමා තුළ ඇත්තා වූ ලෝභය, තරහ සහ මෝඩකම ඇතැයි මනා ව දැනගැනීමක් වේ ද, එසේ ම සිතෙන් දහම් දැන ඒ දහම් කෙරෙහි තමා තුළ නැත්තා වූ ලෝභය, තරහ, මෝඩකම නැතැයි මනා ව දැනගැනීමක් වේ ද මේ දහම් ඇදහීමෙන් දත යුත්තේ ද? ආසාවෙන් දත යුත්තේ ද? පරම්පරා කථාවෙන් ඇසීමෙන් දත යුත්තේ ද? කරුණු පරීක්ෂා කිරීමෙන් දත යුත්තේ ද? දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් දත යුත්තේ ද?
භාග්‍යවතුන් වහන්ස, මෙසේ දත යුතු නොවෙයි.
මහණෙනි, මේ දහම් නුවණින් දත යුතු නොවේ ද?
භාග්‍යවතුන් වහන්ස, එසේය.
මහණෙනි, යම් මහණෙක් ඇදහීමෙන් තොර ව ම, ආසාවෙන් තොර ව ම, පරම්පරා කථාවෙන් ඇසීමෙන් තොර ව ම, කරුණු පරීක්ෂා කිරීමෙන් තොර ව ම, දෘෂ්ටි ඉවසා දරා ගැනීමෙන් තොර ව ම ‘ජාතිය ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචරියාව වාසය කර නිම විය. කළ යුත්ත කරන ලදි, නිවන් පිණිස මත්තේ කළ යුත්තක් නැතැයි මනා ව දැන ගනී’ යැයි රහත් බව ප්‍රකාශ කළ හැකි එබඳු ක්‍රමය මෙය වෙයි.