෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මුල් පිටුව
දැක්ම සහ මෙහෙවර
(current)
සදහම් ලිපි
සදහම් පොත්
සදහම් දේශනා
සඟ සතු සෙනසුන්
දැක්ම
ගෞතම බුදු රජාණන් වහන්සේගේ නිවැරදි ශ්‍රී සද්ධර්මය ථේරවාදී පාලි ත්‍රිපිටකය තුළ නොවෙනස් ව පවතියි. එම පාලි ත්‍රිපිටක ග්‍රන්ථ තුළ ඇති ධර්ම කිසිදු අයුරකින් නොවෙනස් වී ඇති බව ලොවට හෙළි කිරීම
ත්‍රිපිටකයෙහි සඳහන් සදහම් මාර්ගයෙහි යෙදෙන්නෙකුට මෙ කල ද දුගතිගාමී මග වසා, සුගතිගාමී වීම සහ නිර්වාණය සාක්ෂාත් කළ හැකි බව ලොවට මතු කර පෙන්වීම.
මජ්ඣිමා පටිපදා වෙබ් අඩවිය, ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය ලොවට හෙළි කර බෞද්ධ මෙන්ම බෞද්ධ නොවන සියලු ම ප්‍රජාවට යහපතක් සැලසීම උදෙසා කටයුතු කිරීම.
මජ්ඣිමා පටිපදා වෙබ් අඩවිය තුළ හෝ එය උපයෝගී කරගෙන කිසිම අයුරකින් මුදල් සහ වෙනත් ආධාර, එකතු කිරීම් හෝ ගනුදෙනු කිරීම් හෝ එක් රැස් කිරීම් සිදු නොකිරීම.
මෙහෙවර
බුද්ධ භාෂිතය ඇසුරින් මිනිස් ප්‍රජාවට,
මෙලොව දුක් පීඩා සහ අයහපත දුරු කර යහපත සැලසීම.
පරලොව අපායගාමී මග වසා කාමාවචර දෙව් මිනිස් ලෝක, රූපාවචර සහ අරූපාවචර සුගති භූමි සඳහා වූ නිවැරදි ප්‍රතිපදාව හෙළි කිරීම.
පිළිවෙලින් සෝවාන්, සකදාගාමී, අනාගාමී සහ රහත් වීමේ මග නිවැරදි ව ත්‍රිපිටකය තුළින් විවර කරලීම.
බුදු රජාණන් වහන්සේ විසින් භික්ඛු භික්ඛුණී සහ උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස වෙනුවෙන් ඒ ඒ පිරිසට ආවේණික වූ වෙන වෙන ම දේශනා කළ ධර්ම දේශනා සහ විනය ශික්ෂා පද හෙළි කිරීම.
බෞද්ධයන්ට පමණක් නොව අන්‍ය ආගමිකයන්ට පවා බුදු රජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි ධර්මය මතු කර පෙන්වා සියල්ලන්ගේ ම යහපත උදෙසා කටයුතු කිරීම.
කිසි විටෙක ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය ආදිය පෝෂණය නොකිරීම සහ මෙ වැනි දේ තුළ ඇති අයහපත එනම් අකුසලය මතු කර එයින් වැළකීමේ යහපත, එනම් කුසලය මතු කර මිනිස් ප්‍රජාවට යහපත සැලසීම.
විනය, සූත්‍ර සහ අභිධර්ම යන තුන් පිටක තුළ වැරදි ඇතැයි, අඩුපාඩු ඇතැයි නඟන අභූත අසත්‍ය විවෙචන වලට නිවැරදි ව ත්‍රිපිටකය තුළින් ම පිළිතුරු සපයා ඒ මෝහ අන්ධකාරයන් දුරු කිරීම.
නිවැරදි ව පවත්නා පාලි ත්‍රිපිටකය ඇසුරින් ධර්ම හා අර්ථ පැහැදිලි සහ සරල භාෂාවෙන් ලොවට හෙළි කිරීම.
ධර්ම ගැටලුු සඳහා නිවැරදි පිළිතුරු සහ අපැහැදිලි ධර්ම කරුණු කාරණා සඳහා සුදුසු පැහැදිලි කිරීම් ත්‍රිපිටකය ඇසුරින් ලබා දීම.