සඞ්කතයන්ගේ සඞ්කත ලක්ෂණ තුනකි
අසඞ්කතයේ අසඞ්කත ලක්ෂණ තුනකි
චූල වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 274 - 275)
සඞ්කතයන්ගේ (හේතූන් නිසා හටගත් දෙයෙහි) ලක්ෂණ තුනකි.
- ඉපදීම පෙනෙයි (ප්‍රකට වෙයි ).
- වය (විනාශය) පෙනෙයි.
- පවතින්නහුගේ වෙනස් වීම (ජරාව) පෙනෙයි.
මේ සඞ්කතයාගේ සඞ්කත ලක්ෂණ තුනයි.
අසඞ්කතයේ ( නිවනේ ) ලක්ෂණ තුනකි.
- ඉපදීම නොපෙනෙයි.
- විනාශය නොපෙනෙයි.
- ජරාව නොපෙනෙයි.
මේ අසඞ්කතයේ අසඞ්කත ලක්ෂණ තුනයි.
බාගත කිරීමට 