Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කෙටි දහම් කරුණු / මනා සේ මෙනෙහි කොට සිත පිහිටුවා කන් යොමු කර දහම් අසන්න නිවන් පිණිස ම හේතු වේ

මනා සේ මෙනෙහි කොට සිත පිහිටුවා කන් යොමු කර දහම් අසන්න
නිවන් පිණිස ම හේතු වේ

අනීවරණ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 5 - i - පිටු අංක 190 - 191)

යම් කලෙක ආර්ය ශ්‍රාවකයා මනා සේ මෙනෙහි කොට, මුළු සිත ම අරමුණෙහි පිහිටුවා, යොමු කළ කන් ඇති ව දහම් අසා ද එසමයෙහි ඔහුට,

  1. නිවන ආවරණය කරන පංච නීවරණයෝ (කාමඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා) නොවෙති.
  2. සත්‍යාවබෝධය සඳහා හේතු වන සප්ත බොජ්ඣඞ්ගයෝ (සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි හා උපේක්ෂා සම්බොජ්ඣඞ්ග) භාවනාවෙන් සම්පූර්ණ ද වෙති.

බාගත ​කිරීමට