සත් සැත්තෑ නුවණකි.
ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ යැයි දැනීම නුවණකි. ජාතිය නැති විට ජරා මරණ නැති වේ යැයි දැනීම නුවණකි.
අතීත කාලයෙහි ද, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වී යැයි දැනීම නුවණකි. ජාතිය නැති විට ජරා මරණ නැතැයි දැනීම නුවණකි.
අනාගත කාලයෙහි ද, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වන්නේ යැයි දැනීම නුවණකි. ජාතිය නැති විට ජරා මරණ නැති වන්නේ යැයි දැනීම නුවණකි.
යම් මේ ධම්මට්ඨිති ඥානයක් (ඉහත ධර්ම ස්වභාවය පිළිබඳ නුවණක්) වන්නේ නම් එය ද ක්ෂය වන ස්වභාවය ඇත්තේය, ගෙවී යන ස්වභාවය ඇත්තේය, නොඇලෙන ස්වභාවය ඇත්තේය, නිරෝධ (විනාශ) වන ස්වභාවය ඇත්තේය යි දැනීම නුවණකි.
භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ යැයි දැනීම නුවණකි. භවය නැති විට ජාතිය නැති වේ යැයි දැනීම නුවණකි.
අතීත කාලයෙහි ද, භව ප්‍රත්‍යයෙන් ජාතිය වී යැයි දැනීම නුවණකි. භවය නැති විට ජාතිය නැතැයි දැනීම නුවණකි.
අනාගත කාලයෙහි ද, භව ප්‍රත්‍යයෙන් ජාතිය වන්නේ යැයි දැනීම නුවණකි. භවය නැති විට ජාතිය නැති වන්නේ යැයි දැනීම නුවණකි.
යම් මේ ධම්මට්ඨිති ඥානයක් වන්නේ නම් එය ද ක්ෂය වන ස්වභාවය ඇත්තේය, ගෙවී යන ස්වභාවය ඇත්තේය, නොඇලෙන ස්වභාවය ඇත්තේය, නිරෝධ වන ස්වභාවය ඇත්තේය යි දැනීම නුවණකි.
උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ යැයි දැනීම නුවණකි. උපාදානය නැති විට භවය නැති වේ යැයි දැනීම නුවණකි.
අතීත කාලයෙහි ද, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වී යැයි දැනීම නුවණකි. උපාදානය නැති විට භවය නැතැයි දැනීම නුවණකි.
අනාගත කාලයෙහි ද, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වන්නේ යැයි දැනීම නුවණකි. උපාදානය නැති විට භවය නැති වන්නේ යැයි දැනීම නුවණකි.
යම් මේ ධම්මට්ඨිති ඥානයක් වන්නේ නම් එය ද ක්ෂය වන ස්වභාවය ඇත්තේය, ගෙවී යන ස්වභාවය ඇත්තේය, නොඇලෙන ස්වභාවය ඇත්තේය, නිරෝධ වන ස්වභාවය ඇත්තේය යි දැනීම නුවණකි.
තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේ යැයි දැනීම නුවණකි. තණ්හාව නැති විට උපාදානය නැති වේ යැයි දැනීම නුවණකි.
අතීත කාලයෙහි ද, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වී යැයි දැනීම නුවණකි. තණ්හාව නැති විට උපාදානය නැතැයි දැනීම නුවණකි.
අනාගත කාලයෙහි ද, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වන්නේ යැයි දැනීම නුවණකි. තණ්හාව නැති විට උපාදානය නැති වන්නේ යැයි දැනීම නුවණකි.
යම් මේ ධම්මට්ඨිති ඥානයක් වන්නේ නම් එය ද ක්ෂය වන ස්වභාවය ඇත්තේය, ගෙවී යන ස්වභාවය ඇත්තේය, නොඇලෙන ස්වභාවය ඇත්තේය, නිරෝධ වන ස්වභාවය ඇත්තේය යි දැනීම නුවණකි.
වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වේ යැයි දැනීම නුවණකි.වේදනාව නැති විට තණ්හාව නැති වේ යැයි දැනීම නුවණකි.
අතීත කාලයෙහි ද, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වී යැයි දැනීම නුවණකි. වේදනාව නැති විට තණ්හාව නැතැයි දැනීම නුවණකි.
අනාගත කාලයෙහි ද, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වන්නේ යැයි දැනීම නුවණකි. වේදනාව නැති විට තණ්හාව නැති වන්නේ යැයි දැනීම නුවණකි.
යම් මේ ධම්මට්ඨිති ඥානයක් වන්නේ නම් එය ද ක්ෂය වන ස්වභාවය ඇත්තේය, ගෙවී යන ස්වභාවය ඇත්තේය, නොඇලෙන ස්වභාවය ඇත්තේය, නිරෝධ වන ස්වභාවය ඇත්තේය යි දැනීම නුවණකි.
ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ යැයි දැනීම නුවණකි. ස්පර්ශය නැති විට වේදනාව නැති වේ යැයි දැනීම නුවණකි.
අතීත කාලයෙහි ද, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වී යැයි දැනීම නුවණකි. ස්පර්ශය නැති විට වේදනාව නැතැයි දැනීම නුවණකි.
අනාගත කාලයෙහි ද, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වන්නේ යැයි දැනීම නුවණකි. ස්පර්ශය නැති විට වේදනාව නැති වන්නේ යැයි දැනීම නුවණකි.
යම් මේ ධම්මට්ඨිති ඥානයක් වන්නේ නම් එය ද ක්ෂය වන ස්වභාවය ඇත්තේය, ගෙවී යන ස්වභාවය ඇත්තේය, නොඇලෙන ස්වභාවය ඇත්තේය, නිරෝධ වන ස්වභාවය ඇත්තේය යි දැනීම නුවණකි.
සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේ යැයි දැනීම නුවණකි. සළායතන නැති විට ස්පර්ශය නැති වේ යැයි දැනීම නුවණකි.
අතීත කාලයෙහි ද, සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වී යැයි දැනීම නුවණකි. සළායතන නැති විට ස්පර්ශය නැතැයි දැනීම නුවණකි.
අනාගත කාලයෙහි ද, සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වන්නේ යැයි දැනීම නුවණකි. සළායතන නැති විට ස්පර්ශය නැති වන්නේ යැයි දැනීම නුවණකි.
යම් මේ ධම්මට්ඨිති ඥානයක් වන්නේ නම් එය ද ක්ෂය වන ස්වභාවය ඇත්තේය, ගෙවී යන ස්වභාවය ඇත්තේය, නොඇලෙන ස්වභාවය ඇත්තේය, නිරෝධ වන ස්වභාවය ඇත්තේය යි දැනීම නුවණකි.
නාම රූප ප්‍රත්‍යයෙන් සළායතන වේ යැයි දැනීම නුවණකි. නාම රූප නැති විට සළායතන නැති වේ යැයි දැනීම නුවණකි.
අතීත කාලයෙහි ද, නාම රූප ප්‍රත්‍යයෙන් සළායතන වී යැයි දැනීම නුවණකි. නාම රූප නැති විට සළායතන නැතැයි දැනීම නුවණකි.
අනාගත කාලයෙහි ද, නාම රූප ප්‍රත්‍යයෙන් සළායතන වන්නේ යැයි දැනීම නුවණකි. නාම රූප නැති විට සළායතන නැති වන්නේ යැයි දැනීම නුවණකි.
යම් මේ ධම්මට්ඨිති ඥානයක් වන්නේ නම් එය ද ක්ෂය වන ස්වභාවය ඇත්තේය, ගෙවී යන ස්වභාවය ඇත්තේය, නොඇලෙන ස්වභාවය ඇත්තේය, නිරෝධ වන ස්වභාවය ඇත්තේය යි දැනීම නුවණකි.
විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ යැයි දැනීම නුවණකි. විඥානය නැති විට නාම රූප නැති වේ යැයි දැනීම නුවණකි.
අතීත කාලයෙහි ද, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වී යැයි දැනීම නුවණකි. විඥානය නැති විට නාම රූප නැතැයි දැනීම නුවණකි.
අනාගත කාලයෙහි ද, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වන්නේ යැයි දැනීම නුවණකි. විඥානය නැති විට නාම රූප නැති වන්නේ යැයි දැනීම නුවණකි.
යම් මේ ධම්මට්ඨිති ඥානයක් වන්නේ නම් එය ද ක්ෂය වන ස්වභාවය ඇත්තේය, ගෙවී යන ස්වභාවය ඇත්තේය, නොඇලෙන ස්වභාවය ඇත්තේය, නිරෝධ වන ස්වභාවය ඇත්තේය යි දැනීම නුවණකි.
සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ යැයි දැනීම නුවණකි. සංස්කාර නැති විට විඥානය නැති වේ යැයි දැනීම නුවණකි.
අතීත කාලයෙහි ද, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වී යැයි දැනීම නුවණකි. සංස්කාර නැති විට විඥානය නැතැයි දැනීම නුවණකි.
අනාගත කාලයෙහි ද, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වන්නේ යැයි දැනීම නුවණකි. සංස්කාර නැති විට විඥානය නැති වන්නේ යැයි දැනීම නුවණකි.
යම් මේ ධම්මට්ඨිති ඥානයක් වන්නේ නම් එය ද ක්ෂය වන ස්වභාවය ඇත්තේය, ගෙවී යන ස්වභාවය ඇත්තේය, නොඇලෙන ස්වභාවය ඇත්තේය, නිරෝධ වන ස්වභාවය ඇත්තේය යි දැනීම නුවණකි.
අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ යැයි දැනීම නුවණකි. අවිද්‍යාව නැති විට සංස්කාර නැති වේ යැයි දැනීම නුවණකි.
අතීත කාලයෙහි ද, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වී යැයි දැනීම නුවණකි. අවිද්‍යාව නැති විට සංස්කාර නැතැයි දැනීම නුවණකි.
අනාගත කාලයෙහි ද, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වන්නේ යැයි දැනීම නුවණකි. අවිද්‍යාව නැති විට සංස්කාර නැති වන්නේ යැයි දැනීම නුවණකි.
යම් මේ ධම්මට්ඨිති ඥානයක් වන්නේ නම් එය ද ක්ෂය වන ස්වභාවය ඇත්තේය, ගෙවී යන ස්වභාවය ඇත්තේය, නොඇලෙන ස්වභාවය ඇත්තේය, නිරෝධ වන ස්වභාවය ඇත්තේය යි දැනීම නුවණකි.