මේ ජීවිතය වෙන ආකාරයකින් නොවෙයි. ආහාර සිතට ශාන්තිය ගෙන නොදෙයි. ශරීරය ආහාර හේතුවෙන් ම පවතියි. මෙසේ දැක ආහාර සෙවීමෙහි හැසිරෙමි.
මිනිසුන්ගෙන් ලැබෙන යම් වැඳුම් පිඳුම් ඇත්ද එය මඩ ගොහොරුවක් යැයි පණ්ඩිතයෝ කියති. උදුරාලිය නොහැකි සියුම් උලක් යැයි කියති. සත්කාරය අසත්පුරුෂයාට අත්හැරීමට නොහැකි බැවිනි.