Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ගිහියන් ශ්‍රද්ධාවෙන් දෙන සිවුරු
දුසිල්වත් ව පරිභෝග කර නිරයට යන්න එපා

අග්ගික්ඛන්ධොපම සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4, පිටු අංක 464 - 475)

මහණෙනි, බලවත් පුරුෂයෙක් ගිනි ඇවිළ ගත් ගින්නෙන් බබළන යකඩ තහඩුවකින් කය මනා සේ වෙළන්නේ ද, එය හෝ රාජකීය මහාසාරයන්(අධික ධන සම්පත්තියෙන් යුතු පවුල්) හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් පූජා කළ සිවුරු පරිභෝග කරන්නේ නම්, එය හෝ මෙයින් කවරක් වඩා උතුම් වෙයි ද?

ස්වාමීනි, රාජකීය මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් පූජා කළ සිවුරු පරිභෝග කරන්නේ නම් එය ම උතුම් වෙයි.

බලවත් පුරුෂයෙක් ගිනි ඇවිළ ගත්, ගින්නෙන් බබළන යකඩ තහඩුවකින් කය මනා සේ වෙළන්නේ ද එය මහත් දුකක් ම ය.

මහණෙනි, මම තොපට ප්‍රකාශ කරමි. කරුණු දක්වා කියමි. දුස්සීල වූ පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ දුස්සීලයා හට බලවත් පුරුෂයෙක් ගිනි ඇවිළ ගත්, ගින්නෙන් බබළන යකඩ තහඩුවකින් කය මනා සේ වෙළන්නේ ද එය ම උතුම් වෙයි.

ඒ කවර හෙයින් ද යත්, එය හේතු කොට ගෙන ඔහුට මරණය හෝ ඒ හා සමාන දුකක් වන්නේ ය. එහෙත් ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුර්ගතිය නම් වූ නපුරු වැටීමක් වූ නිරයට නම් නොපැමිණෙන්නේ ය.

දුස්සීල වූ පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ දුස්සීල මහණ යම් ඒ රජ මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් පූජා කළ සිවුරු පරිභෝග කරන්නේ නම්, මෙය ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ය.

මරණින් මතු අපාය නම් වූ දුර්ගතිය නම් වූ නපුරු වැටීමක් වූ නිරයට ද පැමිණෙන්නේ ය.


බාගත ​කිරීමට