බ්‍රාහ්මණය, වීර්ය කොට තණ්හා සැඩ පහර සිඳලව, කාමයන් දුරලව. පැවිද්දා කාමයන් දුරු නොකොට ධ්‍යානයන් නොලබයි.
ඉදින් කරන්නේ නම් මෙසේ ම කළ යුතුය. මෙය දැඩි කොට කළ යුතුය. ලිහිල් ව ගත් පැවිද්ද බෙහෙවින් කෙලෙස් වගුරවයි.
අකුසල් නොකිරීම උතුම් වෙයි. එය කරන්නෝ පසුතැවෙති. කුසල් කරන්නේ නම් මැනවි. කුසල් කොට කිසිවෙක් නොතැවෙති.
වරදවා අල්ලා ගන්නා ලද කුස තණ පත, එය ගත් අත ම කපා ද, එසේ ම වරදවා ගන්නා ලද පැවිද්ද, පැවිද්දා නිරයට පමුණුවයි.
ලිහිල් කොට ගත් පැවිද්දක් වේ ද, කිලිටි සහිත වෘතයක් වේ ද, දුෂ්ට පව්කාර බ්‍රහ්මචරියාවක් වේ ද, එය මහත් ඵල නොවෙයි.
පුරාණ තීර්ථකයෙකු වූ තායන දෙව් පුත් භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස් ව සිට මෙම ගාථා ප්‍රකාශ කළේය.
භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා “මෙම තායන ගාථා ඉගෙන ගනිවු, පුහුණු කරවු, මෙම තායන ගාථා දරවු, තායන ගාථා යහපත පිණිස වන අර්ථයෙන් යුතුය, නිවන් මාර්ගය වූ බ්‍රහ්මචරියාවට මුල් වේ” යැයි පැවසූ සේක.