කරුණු පහකින් යුතු මහණ නිරයට යන්නේ වෙයි
දුතියඅවණ්ණාරහ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 430 - 433)
කරුණු පහකින් යුක්ත ආවාසික භික්ෂුව ගෙනවිත් තබන ලද බරක් බහා තබන ලද්දේ යම් සේ ද එසේ ම නිරයෙහි උපදියි.
- නොදැන, නොසොයා, අගුණ කිය යුත්තාගේ ගුණ කියයි.
- නොදැන, නොසොයා, ගුණ කිය යුත්තාගේ අගුණ කියයි.
- ආවාස කෙරෙහි මසුරු වූයේ, ආවාසයේ බලවත් ගිජුකම ඇත්තේ වෙයි.
- දායක පවුල් කෙරෙහි මසුරු වූයේ, කුලයන් කෙරෙහි ගිජු වූයේ වෙයි.
- ශ්‍රද්ධාවෙන් පූජා කළ දේ අයෝග්‍ය සේ යොදන්නේ වෙයි.
බාගත කිරීමට 