කරුණු පහකින් යුතු මසුරු මහණ නිරයට යන්නේ වෙයි
දුතියමච්ඡරිය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 434 - 435)
කරුණු පහකින් යුතු ආවාසික මහණ ගෙනැවිත් තබන ලද්දක සෙයින් නිරයෙහි උපදියි.
- ආවාසයන්හි මසුරුකම ඇත්තේ වෙයි.
- කුලයන්හි(පවුල් කෙරෙහි) මසුරුකම ඇත්තේ වෙයි.
- ලාභයන්හි මසුරු කම ඇත්තේ වෙයි.
- ගුණ වර්ණනාව කෙරෙහි මසුරුකම ඇත්තේ වෙයි.
- ධර්මය කෙරෙහි මසුරුකම ඇත්තේ වෙයි.
මේ කරුණු පහෙන් යුතු ආවාසික මහණ ගෙනැවිත් තබන ලද්දක සෙයින් නිරයෙහි උපදියි.
බාගත කිරීමට 