Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

භික්ෂුවක් එක ම ආරණ්‍යයක හෝ
එක ම පන්සලක දිගු කලක් වාසය කිරීම
අකුසල් වැඩීමට සහ කුසල් දහමින් පිරිහීමට හේතු වෙයි

අතිනිවාස සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 418 - 419)

බොහෝ කලක් එක් තැනක විසීමෙහි ආදීනවයෝ දස දෙනෙකි.

කවර දහයක් ද යත්;

  1. බොහෝ බඩු භාණ්ඩ රැස් කර ගත්, බහු භාණ්ඩිකයෙක් වෙයි.
  2. බොහෝ බෙහෙත් රැස් කර ගත්, බහු භේසජ්ජකයෙක් වෙයි.
  3. බොහෝ බාහිර කටයුතුවල යෙදෙන, කුමක් කුමක් කළ යුතු දැයි සොයා බලන්නා වූ, බොහෝ කටයුතු ඇත්තෙක් වෙයි.
  4. ගිහියන් සහ පැවිද්දන් හා එක් වී, නුසුදුසු වූ ගිහි සංසර්ගයෙන් යුතු ව වාසය කරයි.
  5. ඒ ආවාසයෙන් නික්ම ගියත්, නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් ම බැහැර යයි.
  6. ආවාසය කෙරෙහි මසුරු වෙයි.
  7. දායක පවුල් කෙරෙහි මසුරු වෙයි.
  8. ලාභයෙහි මසුරු වෙයි.
  9. ගුණ වර්ණනාවෙහි මසුරු වෙයි.
  10. ධර්මයෙහි මසුරු වෙයි.

මේ බොහෝ කලක් එක් තැනක විසීමෙහි දස ආදීනවයෝ වෙති.


බාගත ​කිරීමට