Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

රෝගයක් හටගත් අවස්ථාවේ මෝඩයාගේ සහ පණ්ඩිතයාගේ හැසිරීම

අලබ්භනීයඨාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 84 - 89)

තමන්ට හෝ තම ඥාති හෝ හිතවත් යම් පුද්ගලයෙකුට රෝගයක් හටගත් අවස්ථාවේදී ධර්මය නොදන්නා මෝඩයා මෙසේ නුවණින් කල්පනා නොකරයි.

‘මාගේ ම පමණක් මේ ලෙඩ වන දේ ලෙඩ වුණා නොවේ, යම්තාක් ලොව ඉපදුණ සතුන් වේ ද ඒ සියල්ලන්ගේ ම ලෙඩ වන දේ ලෙඩ වන්නේ ම ය. ලෙඩ වන දේ ලෙඩ වන විට මමත් ශෝක කරන්නේ නම්, ක්ලාන්තයට පත් වේ නම්, විලාප කියන්නේ නම්, පපුවේ අත් ගසා හඬන්නේ නම්, සිහි මුළාවට පත්වන්නේ නම්, මට කෑම ද රුචි නොවන්නේය. මා විරූපී ද වන්නේය. කළ යුතු රැකියා ආදී වැඩ කටයුතු ද අඩාල වන්නේය. මාගේ සතුරෝ ද සතුටු වන්නෝය. මාගේ මිතුරෝ ද දුකට පත් වන්නෝය’.

ධර්මය නොදන්නා මෝඩයා, ලෙඩ වන දේ ලෙඩ වන විට ශෝක කරන්නේය. ක්ලාන්තයට පත් වන්නේය. විලාප කියන්නේය. පපුවේ අත් ගසා හඬන්නේය. සිහි මුළාවට පත් වන්නේය.

මේ ධර්මය නොදන්නා මෝඩයා විසකුරු ශෝකය නැමති උලෙන් විද ගෙන තමා ව ම පීඩාවට පත් කර ගන්නේය.

තමන්ට හෝ තම ඥාති හෝ හිතවත් යම් පුද්ගලයෙකුට රෝගයක් හටගත් අවස්ථාවේදී ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් කල්පනා කරයි.

‘මාගේ ම පමණක් මේ ලෙඩ වන දේ ලෙඩ වුණා නොවේ, යම්තාක් ලොව ඉපදුණ සතුන් වේ ද ඒ සියල්ලන්ගේ ම ලෙඩ වන දේ ලෙඩ වන්නේ ම ය. ලෙඩ වන දේ ලෙඩ වන විට මමත් ශෝක කරන්නේ නම්, ක්ලාන්තයට පත් වේ නම්, විලාප කියන්නේ නම්, පපුවේ අත් ගසා හඬන්නේ නම්, සිහි මුළාවට පත්වන්නේ නම්, මට කෑම ද රුචි නොවන්නේය. මා විරූපී ද වන්නේය. කළයුතු රැකියා ආදී වැඩ කටයුතු ද අඩාල වන්නේය. මාගේ සතුරෝ ද සතුටු වන්නෝය. මාගේ මිතුරෝ ද දුකට පත් වන්නෝය’.

ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා, ලෙඩ වන දේ ලෙඩ වන විට ශෝක නොකරන්නේය. ක්ලාන්තයට පත් නොවන්නේය. විලාප නොකියන්නේය. පපුවේ අත් ගසා නොහඬන්නේය. සිහි මුළාවට පත් නොවන්නේය.

මේ ධර්මය නොදන්නා මෝඩයා විසකුරු ශෝකය නැමති උලෙන් විද ගෙන තමා ව ම පීඩාවට පත් කර ගත්ත ද ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා එම ශෝකය නැමති උල මෙසේ උදුරා දැමුයේ යැයි කියනු ලැබෙයි.

මෙසේ ශෝක නැති ව උලෙන් විද නොගත් ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා සම්පූර්ණයෙන් ම සිසිල් වෙයි.


බාගත ​කිරීමට