මෙලොව මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයා විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ අන් කිසිවකු විසින් මේ කරුණු පස කිසි අයුරකින් නොලැබිය හැකි වෙයි.
තම ඥාති හෝ හිතවත් යම් පුද්ගලයෙක් හෝ යම් දෙයක් ජරාවට පත් වන විට ධර්මය නොදන්නා මෝඩයා මෙසේ නුවණින් කල්පනා නොකරයි.
‘මාගේ පමණක් මේ ජරාවට පත් වන දේ ජරාවට පත් වූවා නොවෙයි. යම්තාක් ලොව ඉපදුන සතුන් වේ ද ඒ සියල්ලන්ගේ ම ජරාවට පත් වන දේ ජරාවට පත් වන්නේ ම ය. ජරාවට පත් වන දේ ජරාවට පත් වන විට මමත් ශෝක කරන්නේ නම්, ක්ලාන්තයට පත් වේ නම්, විලාප කියන්නේ නම්, පපුවේ අත් ගසා හඬන්නේ නම්, සිහි මුළාවට පත්වන්නේ නම්, මට කෑම ද රුචි නොවන්නේය. මා විරූපී ද වන්නේය. කළ යුතු රැකියා ආදී වැඩ කටයුතු ද අඩාල වන්නේය. මාගේ සතුරෝ ද සතුටු වන්නේය. මාගේ මිතුරෝ ද දුකට පත් වන්නේය.’
ධර්මය නොදන්නා මෝඩයා, ජරාවට පත් වන දේ ජරාවට පත් වන විට ශෝක කරන්නේය. ක්ලාන්තයට පත් වන්නේය. විලාප කියන්නේය. පපුවේ අත් ගසා හඬන්නේය. සිහි මුළාවට පත්වන්නේය.
මේ ධර්මය නොදන්නා මෝඩයා විසකුරු ශෝකය නැමති උලෙන් විද ගෙන තමාව ම පීඩාවට පත් කර ගන්නේය.
තම ඥාති හෝ හිතවත් යම් පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවේදී ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් කල්පනා කරයි.
‘මාගේ පමණක් මේ ජරාවට පත් වන දේ ජරාවට පත් වූවා නොවෙයි. යම්තාක් ලොව ඉපදුණු සතුන් වේ ද ඒ සියල්ලන්ගේ ම ජරාවට පත් වන දේ ජරාවට පත් වන්නේ ම ය. ජරාවට පත් වන දේ ජරාවට පත් වන විට මමත් ශෝක කරන්නේ නම්, ක්ලාන්තයට පත් වේ නම්, විලාප කියන්නේ නම්, පපුවේ අත් ගසා හඬන්නේ නම්, සිහි මුළාවට පත් වන්නේ නම්, මට කෑම ද රුචි නොවන්නේය. මා විරූපී ද වන්නේය. කළ යුතු රැකියා ආදී වැඩ කටයුතු ද අඩාල වන්නේය. මාගේ සතුරෝ ද සතුටු වන්නේය. මාගේ මිතුරෝ ද දුකට පත් වන්නේය.’
ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා, ජරාවට පත් වන දේ ජරාවට පත් වනවිට ශෝක නොකරන්නේය. ක්ලාන්තයට පත් නොවන්නේය. විලාප නොකියන්නේය. පපුවේ අත් ගසා නොහඬන්නේය. සිහි මුළාවට පත් නොවන්නේය.
මේ ධර්මය නොදන්නා මෝඩයා විසකුරු ශෝකය නැමති උලෙන් විදගෙන තමාව ම පීඩාවට පත් කර ගත්ත ද ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා එම ශෝකය නැමති උල මෙසේ උදුරා දැමුයේ යැයි කියනු ලැබෙයි.
මෙසේ ශෝක නැති ව උලෙන් විද නොගත් ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා සම්පූර්ණයෙන් ම සිසිල් වෙයි.