෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මුල් පිටුව
දැක්ම සහ මෙහෙවර
සදහම් ලිපි
(current)
සදහම් පොත්
සදහම් දේශනා
සඟ සතු සෙනසුන්
සදහම් ලිපි /
කර්ම සහ කර්ම විපාක /
කර්ම සහ කර්ම ඵල වශයෙන් බෙදා වෙන් කිරීම
මහාකම්මවිභඩ්ග සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 3 - පිටු අංක 444 - 457)
අකුසල කර්ම යටපත් කරන අකුසල කර්ම ද ඇත
යම් පුද්ගලයෙක් මෙලොව සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, කාමය වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, නපුරු වචන කියන්නේ, කිසි ප්‍රයෝජනයක් නැති තේරුමක් නැති කතා කියන්නේ, දැඩි ලෝභය බහුල ව ඇත්තේ, නපුරු අදහස් ඇත්තේ, වැරදි අවබෝධය හා ඇදහීම් (මිථ්‍යා දෘෂ්ටි) ඇත්තේ වෙයි.
ඔහු මිය ගොස් දුක් විපාක ඇති, සුව නැති නිරයේ උපදින්නේ නම්, ඒ සඳහා හේතු වූ පාප ක්‍රියාව, පෙර භවයක දී කරන ලද්දක් හෝ මේ භවයේ කරන ලද්දක් (ඉහත සඳහන් අකුසල් හෝ වෙනත් අකුසලයක්) හෝ මරණය සිදු වන කාලයේ සමාදන් වූ වැරදි අවබෝධයක් හා ඇදහීමක් වෙයි.
ඔහු මේ ජීවිතයේ කරන්නා වූ අකුසල්වල විපාක, මේ භවයේ හෝ ඊලඟ භවයේ හෝ යම් යම් භවයක නැවත උපදී නම් එහි හෝ විඳින්නේ වෙයි.
අකුසලය යටපත් කරන කුසල කර්ම ද ඇත
යම් පුද්ගලයෙක් මෙලොව සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, කාමය වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, නපුරු වචන කියන්නේ, කිසි ප්‍රයෝජනයක් නැති තේරුමක් නැති කතා කියන්නේ, දැඩි ලෝභය බහුල ව ඇත්තේ, නපුරු අදහස් ඇත්තේ, වැරදි අවබෝධය හා ඇදහීම් ඇත්තේ වෙයි.
ඔහු මරණින් පසු මනා සුව ඇති, දුක් නැති දෙව්ලොව උපදින්නේ නම්, එයට හේතු වූ කුසල කර්මය, පෙර භවයක කරන ලද්දක් හෝ මේ භවයේ කරන ලද්දක් හෝ මරණය සිදු වන කාලයේ සමාදන් වූ නිවැරදි අවබෝධය හා ඇදහීම (සම්මා දෘෂ්ටිය) වෙයි.
ඔහු මේ ජීවිතයේ කරන ලද අකුසල්වල විපාක, මේ භවයේ හෝ ඊලඟ භවයේ හෝ යම් යම් භවයක නැවත උපදී නම් එහි හෝ විඳින්නේ වෙයි.
කුසලය යටපත් කරන කුසල කර්ම ද ඇත
යම් පුද්ගලයෙක් මේ ජීවිතයේ දී සතුන් මැරීමෙන් වැළකුනේ ද, හොරකම් කිරීමෙන් වැළකුනේ ද, කාමය වරදවා හැසිරීමෙන් වැළකුනේ ද, බොරු කීමෙන් වැළකුනේ ද, කේළාම් කීමෙන් වැළකුනේ ද, නපුරු වචන කීමෙන් වැළකුනේ ද, කිසි ප්‍රයෝජනයක් නැති තේරුමක් නැති කතා කීමෙන් වැළකුනේ ද, දැඩි ලෝභය බහුල නොවන්නේ ද, නපුරු අදහස් නැත්තේ ද, නිවැරදි අවබෝධය හා ඇදහීම් ඇත්තේ ද වෙයි.
ඔහු මරණින් පසු මනා සුව ඇති, දුක් නැති දෙව්ලොව උපදින්නේ නම්, එයට හේතු වූ කුසල කර්මය, පෙර භවයක කරන ලද්දක් හෝ මේ භවයේ කරන ලද්දක් (ඉහත කුසල් හෝ වෙනත් කරන ලද කුසලයක්) හෝ මරණය සිදු වන කාලයේ සමාදන් වූ නිවැරදි අවබෝධය හා ඇදහීම හෝ වෙයි.
ඔහු මේ ජීවිතයේ කරන ලද කුසල කර්මවල විපාක, මේ භවයේ හෝ ඊලඟ භවයේ හෝ යම් යම් භවයක නැවත උපදී නම් එහි හෝ විඳින්නේ වෙයි.
කුසලය යටපත් කරන අකුසල කර්ම ද ඇත
එසේ ම යම් පුද්ගලයෙක් මේ ජීවිතයේ දී සතුන් මැරීමෙන් වැළකුනේ ද, හොරකම් කිරීමෙන් වැළකුනේ ද, කාමය වරදවා හැසිරීමෙන් වැළකුනේ ද, බොරු කීමෙන් වැළකුනේ ද, කේළාම් කීමෙන් වැළකුනේ ද, නපුරු වචන කීමෙන් වැළකුනේ ද, කිසි ප්‍රයෝජනයක් නැති තේරුමක් නැති කතා කීමෙන් වැළකුනේ ද, දැඩි ලෝභය බහුල නොවන්නේ ද, නපුරු අදහස් නැත්තේ ද, නිවැරදි අවබෝධය හා ඇදහීම් ඇත්තේ ද වෙයි.
ඔහු මිය ගොස් දුක් විපාක ඇති, සුව නැති නිරයේ උපදින්නේ නම්, ඒ සඳහා හේතු වූ පාප ක්‍රියාව, පෙර භවයක දී කරන ලද්දක් හෝ මේ භවයේ කරන ලද අකුසලයක් හෝ මරණය සිදු වන කාලයේ සමාදන් වූ වැරදි අවබෝධයක් හා ඇදහීමක් හෝ වෙයි.
ඔහු මේ ජීවිතයේ කරන ලද ඒ කුසල්වල විපාක, මේ භවයේ හෝ ඊලඟ භවයේ හෝ යම් යම් භවයක නැවත උපදී නම් එහි හෝ විඳින්නේ වෙයි.
බාගත කිරීමට