ලොව කැමති වූ ප්‍රිය වූ මනාප වූ දුර්ලභ ධර්මයෝ පසකි.
ලෝකයෙහි කැමති වූ, ප්‍රිය වූ, මනාප වූ, දුර්ලභ වූ මේ පංච ධර්මයන් ආයාචනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් නොලැබෙයි.
ආයාචනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් ලොව කැමති වූ, ප්‍රිය වූ, මනාප වූ, දුර්ලභ වූ මේ ධර්ම පහ ලැබෙයි නම් ලොව කවරෙක් කුමකට බිය වෙයි ද?
දීර්ඝායුෂය ට කැමති වූ ආර්ය ශ්‍රාවකයා ආයුෂය ඉල්ලීමට (යාඥා කිරීමට) හෝ සතුටු වන්නට හෝ කැමති වන්නට සුදුසු නොවෙයි. දීර්ඝායුෂ කැමති ආර්ය ශ්‍රාවකයා දීර්ඝායුෂ පිණිස පවතින ප්‍රතිපදාවේ යෙදිය යුතුය. ඒ කුසල ප්‍රතිපදාව ආයුෂ ලැබීම පිණිස පවතියි. ඔහු දිව්‍ය හෝ මනුෂ්‍ය ආයුෂය ලබන්නේ වෙයි.
වර්ණය ට කැමති වූ ආර්ය ශ්‍රාවකයා වර්ණය ඉල්ලීමට හෝ සතුටු වන්නට හෝ කැමති වන්නට සුදුසු නොවෙයි. වර්ණය කැමති ආර්ය ශ්‍රාවකයා වර්ණය පිණිස පවතින ප්‍රතිපදාවේ යෙදිය යුතුය. ඒ කුසල ප්‍රතිපදාව වර්ණය ලැබීම පිණිස පවතියි. ඔහු දිව්‍ය හෝ මනුෂ්‍ය වර්ණය ලබන්නේ වෙයි.
සුඛය ට කැමති වූ ආර්ය ශ්‍රාවකයා සුඛය ඉල්ලීමට හෝ සතුටු වන්නට හෝ කැමති වන්නට සුදුසු නොවෙයි. සුඛය කැමති ආර්ය ශ්‍රාවකයා සුඛය පිණිස පවතින ප්‍රතිපදාවේ යෙදිය යුතුය. ඒ කුසල ප්‍රතිපදාව සුඛය ලැබීම පිණිස පවතියි. ඔහු දිව්‍ය හෝ මනුෂ්‍ය සුඛය ලබන්නේ වෙයි.
යසසට කැමති වූ ආර්ය ශ්‍රාවකයා යසස ඉල්ලීමට හෝ සතුටු වන්නට හෝ කැමති වන්නට සුදුසු නොවෙයි. යසස කැමති ආර්ය ශ්‍රාවකයා යසස පිණිස පවතින ප්‍රතිපදාවේ යෙදිය යුතුය. ඒ කුසල ප්‍රතිපදාව යසස ලැබීම පිණිස පවතියි. ඔහු දිව්‍ය හෝ මනුෂ්‍ය යසස ලබන්නේ වෙයි.
සුගතිය කැමති වූ ආර්ය ශ්‍රාවකයා සුගතිය ඉල්ලීමට හෝ සතුටු වන්නට හෝ කැමති වන්නට සුදුසු නොවෙයි. සුගතිය කැමති ආර්ය ශ්‍රාවකයා සුගතිය පිණිස පවතින ප්‍රතිපදාවේ යෙදිය යුතුය. ඒ කුසල ප්‍රතිපදාව සුගතිය ලැබීම පිණිස පවතියි. ඔහු දිව්‍ය හෝ මනුෂ්‍ය සුගතිය ලබන්නේ වෙයි.
ආයුෂය, වර්ණය, සුඛය, යසස, කීර්තිය, සුගතිය, උසස් කුලවත් බව යන උදාර වූ සම්පත් පතන්නාහු විසින් පුණ්‍ය ක්‍රියාවන්හි අප්‍රමාදී වීම, නුවණැත්තෝ ප්‍රශංසා කරති.
අප්‍රමාදී වූ නුවණැති තැනැත්තා මේ ජීවිතයේ දීත්, පරලොව දීත් ලැබිය යුතු යම් අර්ථ වේ ද, ඒ සියලු අර්ථ ලබා ගනියි. ඔහු පණ්ඩිතයෙක් යැයි කියනු ලැබෙයි.