Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීමේ ඒකායන මග වූ සතර සතිපට්ඨානය /

පංච කාමගුණයන් දුරු කිරීමට සතර සතිපට්ඨානය වඩන්න

කාමගුණ සතිපට්ඨාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 554 - 555)

කාමගුණයෝ පහකි. කවර පහක් ද යත්;

  1. ඇසෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ කාමයන්ගෙන් යුතු වූ ඇලුම් කළ යුතු වූ ඇසින් දත යුතු රූපයෝ වෙති.
  2. කනෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ කාමයන්ගෙන් යුතු වූ ඇලුම් කළ යුතු වූ කනෙන් දත යුතු ශබ්දයෝ වෙති.
  3. නාසයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ කාමයන්ගෙන් යුතු වූ ඇලුම් කළ යුතු වූ නාසයෙන් දත යුතු ගන්ධයෝ වෙති.
  4. දිවෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ, කාමයන්ගෙන් යුතු වූ ඇලුම් කළ යුතු වූ දිවෙන් දත යුතු රසයෝ වෙති.
  5. කයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ කාමයන්ගෙන් යුතු වූ ඇලුම් කළ යුතු වූ කයෙන් දත යුතු පොට්ඨබ්බයෝ වෙති.

මේ පංච කාමගුණයෝ ය. මෙම පංච කාමගුණයන් ප්‍රහාණය පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුතුය.

කවර සතර සතිපට්ඨානයක් ද යත්;

  1. කායානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, කයෙහි කය අනුව බලමින් වාසය කිරීම වෙයි.
  2. වේදනානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කිරීම වෙයි.
  3. චිත්තානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම වෙයි.
  4. ධම්මානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, දහම්හි දහම් අනුව බලමින් වාසය කිරීම වෙයි.

බාගත ​කිරීමට