සිල් රැකීමට සතර සතිපට්ඨානය වඩන්න
සික්ඛාදුබ්බල්‍ය සතිපට්ඨාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 552 - 553)
ශික්ෂාවෙහි (හික්මීමෙහි) දුබලකම් පසකි. කවර පසෙක් ද යත්;
- සතුන් මැරීමෙහි යෙදීම.
- සොරකම් කිරීම.
- කාමය වරදවා හැසිරීම.
- බොරු කීම.
- මද පමා දෙකට හේතු වන මත්පැන් පානය කිරීම.
මේ හික්මීමෙහි දුබලකම දුරු කිරීමට සතර සතිපට්ඨානය වැඩිය යුතුය.
කවර සතර සතිපට්ඨානයක් ද යත්;
- කායානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, කයෙහි කය අනුව බලමින් වාසය කිරීම වෙයි.
- වේදනානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කිරීම වෙයි.
- චිත්තානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම වෙයි.
- ධම්මානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, දහම්හි දහම් අනුව බලමින් වාසය කිරීම වෙයි.
බාගත කිරීමට 