මෙසස්නෙහි මහණහට ඇසින් රූප දැක ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. (කෙනෙකුට එක ම රූපයක කොටසකට කැමැත්තත් තවත් කොටසකට අකැමැත්තත් උපදියි.)
ඔහු මෙසේ දැනගනියි; මට මේ රූප පිළිබඳව කැමැත්ත ඉපදුණේය, අකැමැත්ත ඉපදුණේය, කැමැත්ත අකැමැත්ත ඉපදුණේය. මෙය ද සකස් වූවකි, රළු වූවකි, හේතුවලින් හටගත්තකි, එනම් පටිච්චසමුප්පන්නය, යම් මේ උපේක්ෂාවක් ඇත්නම් එය ශාන්තය, උතුම්යයි කියාය. ඔහුට ඒ රූප කෙරෙහි උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වෙයි. උපේක්ෂාව පිහිටා සිටියි.
ඇස් ඇති පුරුෂයෙක් ඇසිපිය ගසන්නේ යම් සේ ද, ඒ තරම් ඉතා ඉක්මණින් ම, වහ වහා ම, නිදුකින් ම උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වේ නම් උපේක්ෂාව පිහිටා සිටින්නේ නම් මේ බුදු සසුනෙහි ඇසින් දැන ගත යුතු රූප පිළිබඳව වූ උතුම් ඉන්ද්‍රිය භාවනාව වෙයි.
මෙසස්නෙහි මහණහට කනෙන් ශබ්ද අසා ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි.
ඔහු මෙසේ දැනගනියි; මට මේ ශබ්ද පිළිබඳව කැමැත්ත ඉපදුණේය, අකැමැත්ත ඉපදුණේය, කැමැත්ත අකැමැත්ත ඉපදුණේය. මෙය ද සකස් වූවකි, රළු වූවකි, හේතුවලින් හටගත්තකි. යම් මේ උපේක්ෂාවක් ඇත්නම් එය ශාන්තය, උතුම්යයි කියාය.
මෙසේ ඔහුට ඒ ශබ්ද කෙරෙහි උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වෙයි. උපේක්ෂාව පිහිටා සිටියි.
ශක්තිමත් පුරුෂයෙක් පහසුවෙන් ම අසුරු ගසන්නේ යම් සේ ද, ඒ තරම් ඉතා ඉක්මණින් ම, වහ වහා ම, නිදුකින් ම උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වේ නම් උපේක්ෂාව පිහිටා සිටින්නේ නම් මේ බුදු සසුනෙහි කනෙන් ඇසිය යුතු ශබ්ද පිළිබඳව වූ උතුම් ඉන්ද්‍රිය භාවනාව වෙයි.
මෙසස්නෙහි මහණහට නහයෙන් ගඳ සුවඳ විඳ ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි.
තව ද මට මේ ගඳ සුවඳ පිළිබඳව කැමැත්ත ඉපදුණේය, අකැමැත්ත ඉපදුණේය, කැමැත්ත සහ අකැමැත්ත ඉපදුණේය. මෙය ද සකස් වූවකි, රළු වූවකි, හේතුවලින් හටගත්තකි. යම් මේ උපේක්ෂාවක් ඇත්නම් එය ශාන්තය, උතුම්යයි කියාය. ඔහුට ඒ ගඳ සුවඳ කෙරෙහි උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වෙයි. උපේක්ෂාව පිහිටා සිටියි.
මදක් ඇල කළ නෙලුම් කොළයකට වැටුණු වතුර වහා පිටතට ගලන්නේ, පිහිටා නොසිටින්නේ යම් සේ ද, ඒ තරම් ඉතා ඉක්මණින් ම, වහ වහා ම නිදුකින් ම උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වේ නම් උපේක්ෂාව පිහිටා සිටින්නේ නම් මේ බුදු සසුනෙහි නහයෙන් විඳිය යුතු ගඳ සුවඳ පිළිබඳව වූ උතුම් ඉන්ද්‍රිය භාවනාව වෙයි.
මෙසස්නෙහි මහණහට දිවෙන් රස විඳ ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි.
තව ද මට මේ රස පිළිබඳව කැමැත්ත ඉපදුණේය, අකැමැත්ත ඉපදුණේය, කැමැත්ත අකැමැත්ත ඉපදුණේය. මෙය ද සකස් වූවකි, රළු වූවකි, හේතුවලින් හටගත්තකි. යම් මේ උපේක්ෂාවක් ඇත්නම් එය ශාන්තය, උතුම්යයි කියාය. ඔහුට ඒ රස කෙරෙහි උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වෙයි. උපේක්ෂාව පිහිටා සිටියි.
ශක්තිමත් පුරුෂයෙක් දිව අග ඇති කෙළ පිඬක් පහසුවෙන් ම එළියට දැමීමට කෙළ ගසන්නේ යම් සේ ද, ඒ තරම් ඉතා ඉක්මණින් ම, වහ වහා ම නිදුකින් ම උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වේ නම් උපේක්ෂාව පිහිටා සිටින්නේ නම් මේ බුදු සසුනෙහි දිවෙන් විඳිය යුතු රස පිළිබඳව වූ උතුම් ඉන්ද්‍රිය භාවනාව වෙයි.
මෙසස්නෙහි මහණහට කයෙන් පහස ස්පර්ශ කොට ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි.
තව ද මට මේ පහස පිළිබඳව කැමැත්ත ඉපදුණේය, අකැමැත්ත ඉපදුණේය, කැමැත්ත අකැමැත්ත ඉපදුණේය. මෙය ද සකස් වූවකි, රළු වූවකි, හේතුවලින් හටගත්තකි. යම් මේ උපේක්ෂාවක් ඇත්නම් එය ශාන්තය, උතුම්යයි කියාය. ඔහුට ඒ පහස කෙරෙහි උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වෙයි. උපේක්ෂාව පිහිටා සිටියි.
බලවත් පුරුෂයෙක් නැමුණු අත දිගහරින්නේ හෝ දිගහැරුණු අත නමන්නේ යම් සේ ද, ඒ තරම් ඉතා ඉක්මණින් ම, වහ වහා ම නිදුකින් ම උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වේ නම් උපේක්ෂාව පිහිටා සිටින්නේ නම් මේ බුදු සසුනෙහි කයෙන් දැන ගත යුතු පහස පිළිබඳව වූ උතුම් ඉන්ද්‍රිය භාවනාව වෙයි.
මෙසස්නෙහි මහණහට මනසින් දහම් දැන ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත සහ අකැමැත්ත උපදියි.
තව ද මට මේ දහම් පිළිබඳව කැමැත්ත ඉපදුණේය, අකැමැත්ත ඉපදුණේය, කැමැත්ත අකැමැත්ත ඉපදුණේය. මෙය ද සකස් වූවකි, රළු වූවකි, හේතුවලින් හටගත්තකි. යම් මේ උපේක්ෂාවක් ඇත්නම් එය ශාන්තය, උතුම්ය යි කියාය. ඔහුට ඒ දහම් කෙරෙහි උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වෙයි. උපේක්ෂාව පිහිටා සිටියි.
දවසක් ම තදින් ම රත් කළ ලෝහ තාච්චියකට වතුර බින්දු දෙකක් හෝ තුනක් දැමූ විට වතුර බින්දු වැටෙන්නේ සෙමෙන් නමුත් තාච්චියට වැටුණු ඒ වතුර බින්දු මොහොතකින් ම වාෂ්ප වී යන්නේ යම් සේ ද, ඒ තරම් ඉතා ඉක්මණින් ම, වහ වහා ම නිදුකින් ම උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත නිරුද්ධ වේ නම් උපේක්ෂාව පිහිටා සිටින්නේ නම් මේ බුදු සසුනෙහි මනසින් දැන ගත යුතු දහම් පිළිබඳව වූ උතුම් ඉන්ද්‍රිය භාවනාව වෙයි.
මෙසේ ඉන්ද්‍රිය භාවනාව වෙයි.
මෙසස්නෙහි සේඛ මහණ හට ඇසින් රූප දැක ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඔහු ඒ උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත කෙරෙහි පීඩාවට පත් වෙයි, ලජ්ජා වෙයි, පිළිකුලට පත් වෙයි.
එසේ ම මහණ හට කනෙන් ශබ්ද අසා ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඔහු ඒ උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත කෙරෙහි පීඩාවට පත් වෙයි, ලජ්ජා වෙයි, පිළිකුලට පත් වෙයි.
එසේ ම මහණ හට නහයෙන් ගඳ සුවඳ විඳ ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඔහු ඒ උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත කෙරෙහි පීඩාවට පත් වෙයි, ලජ්ජා වෙයි, පිළිකුලට පත් වෙයි.
එසේ ම මහණ හට දිවෙන් රස විඳ ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඔහු ඒ උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත කෙරෙහි පීඩාවට පත් වෙයි, ලජ්ජා වෙයි, පිළිකුලට පත් වෙයි.
එසේ ම මහණ හට කයෙන් පහස ස්පර්ශ කොට ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඔහු ඒ උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත කෙරෙහි පීඩාවට පත් වෙයි, ලජ්ජා වෙයි, පිළිකුලට පත් වෙයි.
එසේ ම මහණ හට මනසින් දහම් දැන ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඔහු ඒ උපන් කැමැත්ත, උපන් අකැමැත්ත, උපන් කැමැත්ත අකැමැත්ත කෙරෙහි පීඩාවට පත් වෙයි, ලජ්ජා වෙයි, පිළිකුලට පත් වෙයි.
මෙසේ සේඛ පුද්ගලයන්ගේ හැසිරීම වෙයි.
මෙසස්නෙහි මහණ හට ඇසින් රූප දැක ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඉන් පසු ඔහු ‘පිළිකුල් දෙය පිළිබඳව පිළිකුල් නොවේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් දෙය පිළිබඳව ‘පිළිකුල් නොවේ’ යන සංඥාවෙන් යුතු ව වෙසෙයි.
‘පිළිකුල් නොවන දෙය පිළිබඳව පිළිකුල් යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් නොවන දෙය පිළිබඳව ‘පිළිකුල්’ යන සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් නොවේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් නොවන දෙය පිළිබඳව ද ‘පිළිකුල් නොවේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් වේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් දෙය පිළිබඳව ද ‘පිළිකුල් වේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල ද නොපිළිකුල ද යන දෙක ම දුරු කොට මනා සිහි නුවණින් වෙසෙන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල ද නොපිළිකුල ද යන දෙක ම දුරු කොට උපේක්ෂාවෙන් යුතු ව මනා සිහි නුවණින් වෙසෙයි.
එසේ ම මහණ හට කනෙන් ශබ්ද අසා ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඉන් පසු ඔහු ‘පිළිකුල් දෙය පිළිබඳව පිළිකුල් නොවේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් දෙය පිළිබඳව ‘පිළිකුල් නොවේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි. ‘පිළිකුල් නොවන දෙය පිළිබඳව පිළිකුල් යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් නොවන දෙය පිළිබඳව ‘පිළිකුල්’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් නොවේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් නොවන දෙය පිළිබඳව ද ‘පිළිකුල් නොවේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් වේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් දෙය පිළිබඳව ද ‘පිළිකුල් වේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල ද නොපිළිකුල ද යන දෙක ම දුරු කොට මනා සිහි නුවණින් වෙසෙන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල ද නොපිළිකුල ද යන දෙක ම දුරු කොට උපේක්ෂාවෙන් යුතු ව මනා සිහි නුවණින් වෙසෙයි.
එසේ ම මහණ හට නහයෙන් ගඳ සුවඳ විඳ ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඉන් පසු ඔහු ‘පිළිකුල් දෙය පිළිබඳව පිළිකුල් නොවේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් දෙය පිළිබඳව ‘පිළිකුල් නොවේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි. ‘පිළිකුල් නොවන දෙය පිළිබඳව පිළිකුල් යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් නොවන දෙය පිළිබඳව ‘පිළිකුල්’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් නොවේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් නොවන දෙය පිළිබඳව ද ‘පිළිකුල් නොවේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් වේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් දෙය පිළිබඳව ද ‘පිළිකුල් වේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල ද නොපිළිකුල ද යන දෙක ම දුරු කොට මනා සිහි නුවණින් වෙසෙන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල ද නොපිළිකුල ද යන දෙක ම දුරු කොට උපේක්ෂාවෙන් යුතු ව මනා සිහි නුවණින් වෙසෙයි.
එසේ ම මහණ හට දිවෙන් රස විඳ ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඉන් පසු ඔහු ‘පිළිකුල් දෙය පිළිබඳව පිළිකුල් නොවේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් දෙය පිළිබඳව ‘පිළිකුල් නොවේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි. ‘පිළිකුල් නොවන දෙය පිළිබඳව පිළිකුල් යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් නොවන දෙය පිළිබඳව ‘පිළිකුල්’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් නොවේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් නොවන දෙය පිළිබඳව ද ‘පිළිකුල් නොවේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් වේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් දෙය පිළිබඳව ද ‘පිළිකුල් වේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල ද නොපිළිකුල ද යන දෙක ම දුරු කොට මනා සිහි නුවණින් වෙසෙන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල ද නොපිළිකුල ද යන දෙක ම දුරු කොට උපේක්ෂාවෙන් යුතු ව මනා සිහි නුවණින් වෙසෙයි.
එසේ ම මහණ හට කයෙන් පහස ස්පර්ශ කොට ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඉන් පසු ඔහු ‘පිළිකුල් දෙය පිළිබඳව පිළිකුල් නොවේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් දෙය පිළිබඳව ‘පිළිකුල් නොවේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි. ‘පිළිකුල් නොවන දෙය පිළිබඳව පිළිකුල් යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් නොවන දෙය පිළිබඳව ‘පිළිකුල්’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් නොවේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් නොවන දෙය පිළිබඳව ද ‘පිළිකුල් නොවේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් දෙය පිළිබඳව ද පිළිකුල් වේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් නොවන දෙය පිළිබඳව ද පිළිකුල් දෙය පිළිබඳව ද ‘පිළිකුල් වේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.
ඉදින් ‘පිළිකුල ද නොපිළිකුල ද යන දෙක ම දුරු කොට උපේක්ෂාවෙන් මනා සිහි නුවණින් වෙසෙන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල ද නොපිළිකුල ද යන දෙක ම දුරු කොට උපේක්ෂාවෙන් යුතු ව මනා සිහි නුවණින් වෙසෙයි.
එසේ ම මහණ හට මනසින් දහම් දැන ඒ පිළිබඳව කැමැත්ත උපදියි, අකැමැත්ත උපදියි, කැමැත්ත අකැමැත්ත උපදියි. ඉන් පසු ඔහු ‘පිළිකුල් දෙය පිළිබඳව පිළිකුල් නොවේ යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් දෙය පිළිබඳව ‘පිළිකුල් නොවේ’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි. ‘පිළිකුල් නොවන දෙය පිළිබඳව පිළිකුල් යැයි සංඥාවෙන් යුතු ව වසන්නෙමි’ යි කැමති වේ නම් ඔහු පිළිකුල් නොවන දෙය පිළිබඳව ‘පිළිකුල්’ යැයි සංඥාවෙන් යුතු ව වෙසෙයි.