වෛරය තරහ සම්පූර්ණයෙන් දුරු කරන්නේ කෙසේ ද?
පඨම ආඝාතපටිවිනය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 302 - 303)
උපන් තරහ සම්පූර්ණයෙන් දුරු කිරීම පිණිස උපාය පහකි.
කවර පහක් ද යත්;
- යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ ඉපදුණේ නම් එම පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩීම කළ යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් තරහ දුරු කළ යුතුය.
- යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ ඉපදුණේ නම් එම පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩීම කළ යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් තරහ දුරු කළ යුතුය.
- යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ ඉපදුණේ නම් එම පුද්ගලයා කෙරෙහි උපේක්ෂාව වැඩීම කළ යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් තරහ දුරු කළ යුතුය.
- යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ ඉපදුණේ නම් එම පුද්ගලයා ගැන සිහි නොකිරීම, මෙනෙහි නොකිරීම කළ යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් තරහ දුරු කළ යුතුය.
- යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ ඉපදුණේ නම් එම පුද්ගලයා ද කර්මය අයිති කොට ඇති බව මෙනෙහි කළ යුතුය. මේ පුද්ගලයා ද කර්මය අයිති කොට ඇත, කර්මය දායාදය කොට ඇත, කර්මය උපත කොට ඇත, කර්මය නෑයා කොට ඇත, කර්මය පිළිසරණ කොට ඇත. යම් කුසල් හෝ අකුසල් යම් කර්මයක් කරන්නේ නම් එය ම විපාක කොට ගන්නේ වෙයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් තරහ දුරු කළ යුතුය.
මේ උපන් තරහ සම්පූර්ණයෙන් දුරු කිරීම පිණිස උපාය පස වෙයි.
බාගත කිරීමට 