ධර්මයට අනුව ගමන් කරන භික්ෂුව හට මේ අනුලෝම ධර්ම වෙයි.
රූපයෙහි කලකිරීම් බහුල ව වාසය කෙරේ ද,
වේදනාවෙහි කලකිරීම් බහුල ව වාසය කෙරේ ද,
සංඥාවෙහි කලකිරීම් බහුල ව වාසය කෙරේ ද,
සංස්කාරයෙහි කලකිරීම් බහුල ව වාසය කෙරේ ද,
විඥානයෙහි කලකිරීම් බහුල ව වාසය කෙරේ ද වෙයි.
ඔහු,
රූපයේ කලකිරීම් බහුල ව වාසය කරනුයේ,
වේදනාවෙහි කලකිරීම් බහුල ව වාසය කරනුයේ,
සංඥාවෙහි කලකිරීම් බහුල ව වාසය කරනුයේ,
සංස්කාරයෙහි කලකිරීම් බහුල ව වාසය කරනුයේ,
විඥානයෙහි කලකිරීම් බහුල ව වාසය කරනුයේ,
රූපය පිරිසිඳ දනියි. වේදනාව පිරිසිඳ දනියි. සංඥාව පිරිසිඳ දනියි. සංස්කාරය පිරිසිඳ දනියි. විඥානය පිරිසිඳ දනියි.
ඔහු රූපය පිරිසිඳ දන්නේ, වේදනාව පිරිසිඳ දන්නේ, සංඥාව පිරිසිඳ දන්නේ, විඥානය පිරිසිඳ දන්නේ, රූපයෙන් මිදෙයි. වේදනාවෙන් මිදෙයි. සංඥාවෙන් මිදෙයි. සංස්කාරයෙන් මිදෙයි. විඥානයෙන් මිදෙයි.
ඔහු ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකෙන්, දොම්නසින්, දැඩි ආයාසයෙන් මිදෙයි. සියලු දුකෙන් මිදෙයි.