“මහණෙනි, ඇස අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය. රූප අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය.
කන අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය. ශබ්ද අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය.
නාසය අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය. ගන්ධ අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය.
දිව අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය. රස අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය.
කය අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය. පහස අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය.
මනස අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය. ධර්ම අනිත්‍යය. වෙනස් වනසුලුය. අන් පරිද්දක් වනසුලුය.
මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ අදහා ස්ථිර ලෙස සිතා ගනී ද ඒ පුද්ගලයා ආර්ය මාර්ගයට බැස ගත්, සත්පුරුෂ භූමියට බැස ගත්, පෘථග්ජන භාවය ඉක්ම වූ සද්ධානුසාරී නම් වෙයි. යම් කර්මයක් කර නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ උපදී ද එවැනි කර්මයක් නොකරයි.
එසේ ම යම්තාක් සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරන තුරු කලුරිය ද නොකරයි.
මහණෙනි, යමෙක් මේ දහම් යම් පමණ නුවණකින් වටහා ගනී නම් මෙතෙම ආර්ය මාර්ගයට බැස ගත්, සත්පුරුෂ භූමියට බැස ගත්, පෘථග්ජන භාවය ඉක්ම වූ ධම්මානුසාරී නම් වෙයි. යම් කර්මයක් කර නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ උපදී ද එවැනි කර්මයක් නොකරයි.
එසේ ම යම්තාක් සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරන තුරු කලුරිය ද නොකරයි.
මහණෙනි, යම් කෙනෙක් මේ ධර්ම මෙසේ දනියි ද දකියි ද මෙතෙම නිරයට නොයනසුලු ස්ථිර ව නිවන පිහිට කොට ඇති සෝතාපන්න යැයි කියනු ලැබේ”.