දුකින් මිදීමට නිවන් දැකීමට ශ්‍රාවකයෙකුට ඇත්තේ ක්‍රම පහකි
විමුත්තායතන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 32 - 37)
දුකින් මිදීමට අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යයෙන් වසන මහණහුගේ නොමිදුණු සිත මිදෙන්නා වූ නොගෙවුණු ආශ්‍රව ගෙවෙන්නා වූ අනුත්තර වූ නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා වූ විමුක්තායතනයෝ පසකි.
- ධර්ම ශ්‍රවණය
- මේ සසුනෙහි භික්ෂුවකට බුදු රජාණන් වහන්සේ හෝ අන්‍ය ගරු කටයුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්මය දේශනා කරන කල්හි, ඒ ධර්ම ශ්‍රවනය කරන විට, ඒ ඒ ධර්ම සහ එහි අර්ථ විඳින ඔහුට ප්‍රමෝදය හටගනියි. ප්‍රමෝදමත් වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තාහු සුව විඳියි. සුව ඇතියහුගේ සිත සමාධිමත් වෙයි.
- මෙසේ අප්‍රමාදී වීර්යයෙන්, කෙලෙස් ප්‍රහාණය රිසි ව වසන මහණහුගේ නොමිදුණු සිත මිදේ නම්, නොගෙවුණු ආස්‍රව ගෙවේ නම්, සාක්ෂාත් නොකළ නිවන සාක්ෂාත් කෙරේ නම්, මේ ඒ පළමු විමුක්තායතනයයි.
- ධර්ම දේශනාව
- මේ සසුනෙහි භික්ෂුවක් ධර්මය ශ්‍රවණය නොකරයි. එසේ වුව ද පෙර ඇසූ පරිදි නිවැරදි ව උගත් ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරයි. මනා ව ඇසූ පරිදි, දැරූ පරිදි, ඒ ඒ ධර්ම විස්තර වශයෙන් දේශනා කරන විට, මෙසේ ඒ ධර්ම සහ අර්ථ විඳින ඔහුට ප්‍රමෝදය උපදියි. ප්‍රමෝදිතයාට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තාහු සුව විඳියි. සුව ඇතියහුගේ සිත සමාධිමත් වෙයි.
- මෙසේ අප්‍රමාදී වීර්යයෙන්, කෙලෙස් ප්‍රහාණය රිසි ව වසන මහණහුගේ නොමිදුණු සිත මිදේ නම්, නොගෙවුණු ආශ්‍රව ගෙවේ නම්, සාක්ෂාත් නොකළ නිවන සාක්ෂාත් කෙරේ නම්, මේ ඒ දෙවන විමුක්තායතනයයි.
- ධර්ම සජ්ඣායනය
- මේ සසුනෙහි භික්ෂුවක් ධර්මය ශ්‍රවණය නොකරයි. දේශනා ද නොකරයි. එහෙත් ඔහු නිවැරදි ව ඇසූ පරිදි, දැරූ පරිදි, ධර්මය සජ්ඣායනය (විස්තර වශයෙන් පුරුදු කිරීම, හැදෑරීම) කරයි. මෙසේ ඒ ධර්ම සහ අර්ථ විඳින ඔහුට ප්‍රමෝදය උපදියි. ප්‍රමෝදිතයාට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තාහු සුව විඳියි. සුව ඇතියහුගේ සිත සමාධිමත් වෙයි.
- මෙසේ අප්‍රමාදී වීර්යයෙන්, කෙලෙස් ප්‍රහාණය රිසි ව වසන මහණහුගේ නොමිදුණු සිත මිදේ නම්, නොගෙවුණු ආශ්‍රව ගෙවේ නම්, සාක්ෂාත් නොකළ නිවන සාක්ෂාත් කෙරේ නම්, මේ ඒ තෙවන විමුක්තායතනයයි.
- ධර්ම මනසිකාරය
- මේ සසුනෙහි භික්ෂුවක් ධර්මය ශ්‍රවණය නොකරයි. ඔහු ධර්මය දේශනා ද නොකරයි. සජ්ඣායනා ද නොකරයි. එහෙත් ඔහු නිවැරදි ව ඇසූ පරිදි, දැරූ පරිදි ධර්මය නැවත නැවත සිතයි. පුරුදු කරයි. සිතින් විමසයි. මෙසේ මනසිකාර කරන විට ඔහුට දහම් සහ අර්ථ විඳීම නිසා ප්‍රමෝදය උපදියි. ප්‍රමෝදිතයාට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තාහු සුව විඳියි. සුව ඇතියහුගේ සිත සමාධිමත් වෙයි.
- මෙසේ අප්‍රමාදී වීර්යයෙන්, කෙලෙස් ප්‍රහාණය රිසි ව වසන මහණහුගේ නොමිදුණු සිත මිදේ නම්, නොගෙවුණු ආශ්‍රව ගෙවේ නම්, සාක්ෂාත් නොකළ නිවන සාක්ෂාත් කෙරේ නම්, මේ ඒ හතරවන විමුක්තායතනයයි.
- සමථ නිමිත්තක් ආසේවනය කිරීම
- මේ සසුනෙහි භික්ෂුවක් ධර්මය ශ්‍රවණය නොකරයි. ධර්මය දේශනා ද නොකරයි. සජ්ඣායනා ද නොකරයි. ධර්මය නැවත නැවත මනසිකාර ද නොකරයි. එහෙත් ඔහු ධර්මය අවබෝධ කරන අවස්ථාවේ මනා සේ ගන්නා ලද, මනා සේ මෙනෙහි කරන ලද, මනා සේ විමසා බැලූ, මනා සේ අවබෝධ කළ, සම්මා දිට්ඨිය යෙදුණු සමථ නිමිත්තක් පුරුදු කරයි. එසේ වසන ඔහුට ධර්ම සහ අර්ථ විඳින විට ප්‍රමෝදය උපදියි. ප්‍රමෝදිතයාට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තාහු සුව විඳියි. සුව ඇතියහුගේ සිත සමාධිමත් වෙයි.
- මෙසේ අප්‍රමාදී වීර්යයෙන්, කෙලෙස් ප්‍රහාණය රිසි ව වසන මහණහුගේ නොමිදුණු සිත මිදේ නම්, නොගෙවුණු ආශ්‍රව ගෙවේ නම්, සාක්ෂාත් නොකළ නිවන සාක්ෂාත් කෙරේ නම්, මේ ඒ පස්වන විමුක්තායතනයයි.
මේ පංච විමුක්තායතනයෝය.
බාගත කිරීමට 