එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් දකිනවා අසූචි, මුත්‍රා, සැරව, ලේ කකා ඉන්න ප්‍රේතියක්. ඇයට අලුත් වස්ත්‍ර දෙකක් තිබෙනවා. හරි ලස්සනයි. මෘදුයි. සනීපයි. නමුත් ඒක ඇයට දුන්නාම ඒවා යකඩෙන් කරපු වස්ත්‍ර වගේ වෙනවා. ස්වාමීන් වහන්සේ එතැන සිටි දෙවියාගෙන් අසනවා මෙයට හේතුව.
මේ දෙවියා මෙහෙම කියනවා.
“මැය පෙර ආත්මයේ මගේ බිරිඳ වෙලා හිටියේ. හරිම ලෝභයි. කෑදරයි. දානෙ ටිකක් පූජා කළේ නැහැ. මම දන් පැන් පූජා කරන කොට මට බැන්නා අපහාස කළා.
‘ඔය දානෙ විපාකෙ විදිහට පරලොව දී නුඹට අසූචි, මුත්‍රා, ලේ, සැරව ලැබෙන්න ඕන’ කියල කිව්වා.
‘ඔය පූජා කරපු වස්ත්‍ර යකඩෙන් කළ වස්ත්‍ර වෙයන්’ කියලත් කිව්වා. දැන් එයා ම ඒවායේ විපාකය විඳිනවා”.