අශ්‍රද්ධාවන්ත පවට ලජ්ජා බිය නැති නුවණ නැති
සැමියා ඉක්මවා හැසිරෙන කාන්තාව දුගතිගාමී වෙයි
අතිචාරී සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 4 - පිටු අංක 456 - 457)
දහම් පහකින් යුත් කාන්තාව මරණින් පසු සැප නැති, නපුරු වැටීමක් වූ දුක් ඇති නිරයෙහි උපදින්නීය.
කවර දහම් පහකින් ද යත්;
- ශ්‍රද්ධා නැත්තියක් වෙයි.
- පවට ලජ්ජා නැත්තියක් වෙයි.
- පවට බිය නැත්තියක් වෙයි.
- සිය සැමියා ඉක්මවා හැසිරෙන්නියක් වෙයි.
- නුවණ නැත්තියක් වෙයි.
මේ දහම් පහෙන් යුතු කාන්තාව මරණින් පසු සැප නැති, නපුරු වැටීමක් වූ දුක් ඇති නිරයෙහි උපදින්නීය.
බාගත කිරීමට 