Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුගති (අපාය) කථා / දහම් තුනකින් යුතු කාන්තාව මරණින් මතු බොහෝ විට නිරයට පැමිණෙයි

දහම් තුනකින් යුතු කාන්තාව මරණින් මතු බොහෝ විට නිරයට පැමිණෙයි

තීහි ධම්මෙහි සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 4 - පිටු අංක 452 - 453)

දහම් තුනකින් යුතු කාන්තාව බොහෝ විට මරණින් මතු සැප නැති දුර්ගති වූ නපුරු වැටීමක් වන නිරයට පැමිණෙයි.

කවර තුනකින් ද යත්;

  1. කාන්තාව පෙරවරුවේ මසුරු පාපයෙන් මැඩුණු සිතෙන් නිවසේ වාසය කරයි.
  2. කාන්තාව මද්දහනේ ඊර්ෂ්‍යාවෙන් මැඩුණු සිතෙන් නිවසේ වාසය කරයි.
  3. කාන්තාව සවස් කාලයේ කාමයෙහි ඇලී මැඩුණු සිතෙන් වාසය කරයි.

මේ තුන් දහමින් යුත් කාන්තාව බොහෝ විට මරණින් මතු සැප නැති, දුර්ගති වූ නපුරු වැටීමක් වන නිරයට පැමිණෙයි.


බාගත ​කිරීමට