Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුගති (අපාය) කථා / බොරුවෙන් කේළමින් වැළකී පණුවන් පිරුණු ගඳ ගසන කටක් ඇති ප්‍රේතයෙකු නොවන්න

බොරුවෙන් කේළමින් වැළකී පණුවන් පිරුණු ගඳ ගසන කටක් ඇති
ප්‍රේතයෙකු නොවන්න

පූතිමුඛ ප්‍රේත වස්තුව ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, පෙතවත්ථුපාළි, උරග වර්ගය - පිටු 4 - 5)

නාරද තෙරණුවෝ අහසෙහි ඉන්නා දෙවියෙකුගේ සිරුරකට සමාන සුන්දර සිරුරක් ඇති, නමුත් ඉතා ම දුඟඳ පණුවන් පිරුණු කටක් ඇති ප්‍රේතයෙකු දුටුවා. එයට හේතුව ප්‍රේතයාගෙන් ඇසූ ස්වාමීන් වහන්සේට ප්‍රේතයා මෙසේ උත්තර දුන්නා.

“මා පෙර ආත්මයක පවිටු භික්ෂුවක් ව සිටියා. වචනයෙන් සංවර වුණේ නැහැ. බඹසර රැකපු නිසා ශරීරය ශෝභාවත් වුණා. එහෙත් බොරු කීම සහ කේළාම් කීම නිසා මෙවැනි කටක් ලැබුණා”.


බාගත ​කිරීමට