සුන්දර රූපයක් හිමි ඉරබටු තරුව සේ බබළන දිව්‍යාංගනාවක් සිටියාය. ඇයගේ සිරුරින් විහිදෙන එළිය හරිම නිර්මලයි. මහානුභාව සම්පන්න මේ දෙව් දුව දුටු මුගලන් මහ තෙරුන් වහන්සේ මේ සැප සම්පත්වලට හේතු වූ පින ඇයගෙන් විමසූ සේක.
ඉතා ප්‍රීතිමත් වූ දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.
“මම ගිය ආත්මයේ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණු උපාසිකාවක්. සෘජු සිත් ඇති ආර්යයන් වහන්සේලාට පැහැදීමෙන් දන්, පැන්, සේනාසන, තෙල් පහන් පූජා කළා. කැමැත්තෙන් ම පන්සිල් රැක්කා. සතර පෝයට උපෝසථ සීලය සමාදන් වුණා. හැමෝට ම දන් පැන් බෙදා දුන්නා. ඒ වගේ ම චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගැනීමේ හැකියාවක් මා තුළ තිබුණා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් සහ සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් සියල්ල ලැබුනේ”.