සැදැහැවත් පවට ලජ්ජා බිය ඇති නුවණැති සැමියා නොඉක්මවා හැසිරෙන කාන්තාව සුගතිගාමී වෙයි
අනතිචාරී සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 4 - පිටු අංක 462- 463)
දහම් පහකින් යුත් කාන්තාව මරණින් පසු සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයන්හි උපදින්නීය.
කවර දහම් පහකින් ද යත්;
- ශ්‍රද්ධාවන්ත වෙයි.
- පවට ලජ්ජා ඇත්තේ වෙයි.
- පවට බිය ඇත්තේ වෙයි.
- සිය සැමියා නොඉක්මවා හැසිරෙන්නියක් වෙයි.
- ප්‍රඥාවන්ත වෙයි.
මේ දහම් පහෙන් යුතු කාන්තාව මරණින් පසු සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයන්හි උපදින්නීය.
බාගත කිරීමට 