මහණෙනි, බොහෝ විසිතුරු පැහැ දේවතාවෝ ජේතවනාරාමය බබළවමින් මා වෙත පැමිණ සකසා වන්දනා කොට එකත් පස් ව සිට මෙසේ කීහ.
භාග්‍යවතුන් වහන්ස, පෙර මිනිස් වූ අපගේ නිවෙස්වලට පැවිද්දෝ එළඹියහ. අපි ගෞරව පිණිස හුනස්නෙන් නැගී සිටියෙමු. එනමුත් වන්දනා නොකළෙමු. පරිපූර්ණ වශයෙන් කළ යුතු කර්ම නොකළ නිසා විපිළිසර වී, පසුතැවිලි වී වඩා පහත් හීන දෙව්ලොවකට පැමිණියෙමු.
මහණෙනි, අනෙක් බොහෝ දේවතාවෝ ද පැමිණ මෙසේ කීවෝය. පෙර මිනිස් වූ අපගේ නිවෙස්වලට පැවිද්දන් පැමිණි විට ගෞරව පිණිස හුනස්නෙන් නැගිට්ටෙමු. වන්දනා ද කළෙමු. එනමුත් ඉඳගැනීමට අසුන් නොදුන්නෙමු. පරිපූර්ණ වශයෙන් කළ යුතු කර්ම නොකළ නිසා විපිළිසර වී, පසුතැවිලි වී වඩා පහත් හීන දෙව්ලොවකට පැමිණියෙමු.
මහණෙනි, අනෙක් බොහෝ දේවතාවෝ ද පැමිණ මෙසේ කීවෝය. පෙර මිනිස් වූ අපගේ නිවෙස්වලට පැවිද්දන් පැමිණි විට ගෞරව පිණිස හුනස්නෙන් නැගිට්ටෙමු. වන්දනා කළෙමු. ඉඳගැනීමට අසුන් ද දුන්නෙමු. එනමුත් හැකි ශක්තියෙන්, හැකි බලයෙන් දාන මාන නොදුන්නෙමු. පරිපූර්ණ වශයෙන් කළ යුතු කර්ම නොකළ නිසා විපිළිසර වී, පසුතැවිලි වී පහත් හීන දෙව්ලොවකට පැමිණියෙමු.
මහණෙනි, අනෙක් බොහෝ දේවතාවෝ ද පැමිණ මෙසේ කීවෝය. පෙර මිනිස් වූ අපගේ නිවෙස්වලට පැවිද්දන් පැමිණි විට ගෞරව පිණිස හුනස්නෙන් නැගිට්ටෙමු. වන්දනා කළෙමු. ඉඳගැනීමට අසුන් දුන්නෙමු. හැකි ශක්තියෙන්, හැකි බලයෙන් දාන මාන ද දුන්නෙමු. එනමුත් දහම් අසනු සඳහා ලඟ නොසිටියෙමු. පරිපූර්ණ වශයෙන් කළ යුතු කර්ම නොකළ නිසා විපිළිසර වී, පසුතැවිලි වී පහත් හීන දෙව්ලොවකට පැමිණියෙමු.
මහණෙනි, අනෙක් බොහෝ දේවතාවෝ ද පැමිණ මෙසේ කීවෝය. පෙර මිනිස් වූ අපගේ නිවෙස්වලට පැවිද්දන් පැමිණි විට ගෞරව පිණිස හුනස්නෙන් නැගිට්ටෙමු. වන්දනා කළෙමු. ඉඳගැනීමට අසුන් දුන්නෙමු. හැකි ශක්තියෙන්, හැකි බලයෙන් දාන මාන දුන්නෙමු. දහම් අසනු සඳහා ලඟ ද සිටියෙමු. එනමුත් යොමු කළ කන් ඇති ව දහම් නොඇසුවෙමු. පරිපූර්ණ වශයෙන් කළ යුතු කර්ම නොකළ නිසා විපිළිසර වී, පසුතැවිලි වී පහත් හීන දෙව්ලොවකට පැමිණියෙමු.
මහණෙනි, අනෙක් බොහෝ දේවතාවෝ ද පැමිණ මෙසේ කීවෝය. පෙර මිනිස් වූ අපගේ නිවෙස් වලට පැවිද්දන් පැමිණි විට ගෞරව පිණිස හුනස්නෙන් නැගිට්ටෙමු. වන්දනා කළෙමු. ඉඳගැනීමට අසුන් දුන්නෙමු. හැකි ශක්තියෙන්, හැකි බලයෙන් දාන මාන දුන්නෙමු. දහම් අසනු සඳහා ලඟ සිටියෙමු. යොමු කළ කන් ඇති ව දහම් ඇසුවෙමු. එනමුත් දහම් අසා නොදැරුවෙමු. පරිපූර්ණ වශයෙන් කළ යුතු කර්ම නොකළ නිසා විපිළිසර වී, පසුතැවිලි වී පහත් හීන දෙව්ලොවකට පැමිණියෙමු.
මහණෙනි, අනෙක් බොහෝ දේවතාවෝ ද පැමිණ මෙසේ කීවෝය. පෙර මිනිස් වූ අපගේ නිවෙස්වලට පැවිද්දන් පැමිණි විට ගෞරව පිණිස හුනස්නෙන් නැගිට්ටෙමු. වන්දනා කළෙමු. ඉඳගැනීමට අසුන් දුන්නෙමු. හැකි ශක්තියෙන්, හැකි බලයෙන් දාන මාන දුන්නෙමු. දහම් අසනු සඳහා ලඟ සිටියෙමු. යොමු කළ කන් ඇති ව දහම් ඇසුවෙමු. දහම් අසා දැරුවෙමු. එනමුත් දහම් අසා දහම්හි අරුත් නොවිමසුවෙමු. පරිපූර්ණ වශයෙන් කළ යුතු කර්ම නොකළ නිසා විපිළිසර වී, පසුතැවිලි වී පහත් හීන දෙව්ලොවකට පැමිණියෙමු.
මහණෙනි, අනෙක් බොහෝ දේවතාවෝ ද පැමිණ මෙසේ කීවෝය. පෙර මිනිස් වූ අපගේ නිවෙස්වලට පැවිද්දෝ පැමිණි විට ගෞරව පිණිස හුනස්නෙන් නැගිට්ටෙමු. වන්දනා කළෙමු. ඉඳගැනීමට අසුන් දුන්නෙමු. හැකි ශක්තියෙන්, හැකි බලයෙන් දාන මාන දුන්නෙමු. දහම් අසනු සඳහා ලඟ සිටියෙමු. යොමු කළ කන් ඇති ව දහම් ඇසුවෙමු. දහම් අසා දැරුවෙමු. දහම් අසා දහම්හි අරුත් ද විමසුවෙමු. එනමුත් අර්ථ ද දැන, ධර්ම ද දැන, ධම්මානුධම්ම ප්‍රතිපත්තියට අනුව නොහැසිරුනෙමු. පරිපූර්ණ වශයෙන් කළ යුතු කර්ම නොකළ නිසා විපිළිසර වී, පසුතැවිලි වී පහත් හීන දෙව්ලොවකට පැමිණියෙමු.
මහණෙනි, අනෙක් බොහෝ දේවතාවෝ ද පැමිණ මෙසේ කීවෝය. පෙර මිනිස් වූ අපගේ නිවෙස්වලට පැවිද්දන් පැමිණි විට ගෞරව පිණිස හුනස්නෙන් නැගිට්ටෙමු. වන්දනා කළෙමු. ඉඳගැනීමට අසුන් දුන්නෙමු. හැකි ශක්තියෙන්, හැකි බලයෙන් දාන මාන දුන්නෙමු. දහම් අසනු සඳහා ලඟ සිටියෙමු. යොමු කළ කන් ඇති ව දහම් ඇසුවෙමු. දහම් අසා දැරුවෙමු. දහම් අසා දහම්හි අරුත් විමසුවෙමු. එසේ ම අර්ථ ද දැන, ධර්ම ද දැන, ධම්මානුධම්ම ප්‍රතිපත්තියට අනුව හැසිරුනෙමු. පරිපූර්ණ කර්ම කළ නිසා විපිළිසර නොවී, පසුතැවිලි නොවී ප්‍රණීත දෙව්ලොවකට පැමිණියෙමු.
මහණෙනි, මේ රුක් මුල්ය. මේ ශුන්‍යාගාරය. ධ්‍යාන වඩවු. පමා නොවවු. පළමු දේවතාවන් ලෙස පසු ව විපිළිසර නොවවු.
මෙලොව දී සුගතිගාමී කුසල් කර සතුටු වූ ඔවුහු දෙව්ලොව දී ද සතුටු වෙති.