දිනක් එක් කාන්තාවක් පිරිසිදු සිත් ඇති සන්සුන් ඉඳුරන් ඇති ප්‍රසන්න වූ භික්ෂුවක් දැක තම සිත පහදවා ගත්තාය. ඇය ඒ භික්ෂුවට වැඩ සිටීමට පහන් වූ සිතින් සියතින් ම ආසනයක් පනවා දුන්නාය. ඒ පිනෙන් දෙව් ලොව උපන් ඇයට වෛරෝඩි මාණික්‍යයෙන් සෑදූ ආසනයක් ද විදුලි එළියෙන් දිලිසෙන සැඳෑ වලාකුළක් මෙන් බබලන ලස්සන සිරුරක් ද, දිව්‍ය සළු, දිව්‍ය මල් මාලා ද ලැබුණි. ඇගේ සිරුරේ වර්ණයෙන් හැම දිසාව ම බැබලුණි.