ගුණවතාගේ ගුණ කියන්නා දෙව් ලොවට පැමිණේ
වණ්ණ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 2 - පිටු අංක 158 - 161)
කරුණු සතරකින් යුතු පුද්ගලයා ගෙනවිත් තැබූ සේ දෙව් ලොවෙහි පිහිටයි.
කවර කරුණු සතරකින් ද යත්;
- විමසා බලා මනා ව අවබෝධ කොට අගුණවත් තැනැත්තාගේ අගුණ කියයි.
- විමසා බලා මනා ව අවබෝධ කොට ගුණවත් තැනැත්තාගේ ගුණ කියයි.
- විමසා බලා මනා ව අවබෝධ කොට නොපැහැදිය යුතු තැන නොපහදියි.
- විමසා බලා මනා ව අවබෝධ කොට පැහැදිය යුතු තැන පහදියි.
මේ කරුණු සතරින් යුතු පුද්ගලයා ගෙන විත් තැබූ සේ දෙව්ලොවෙහි පිහිටයි.
බාගත කිරීමට 