දුෂ්ටයා සහ දුෂ්ටයා ට වඩා දුෂ්ටයා ද
සත්පුරුෂයා සහ සත්පුරුෂයාට වඩා සත්පුරුෂයා ද හඳුනා ගන්න
සප්පුරිස සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 2 - පිටුඅංක 414 - 415)
දුෂ්ටයා (අසත්පුරුෂයා) යනු;
යම් පුද්ගලයෙක්
- පරපණ නසයි නම්,
- හොරකම් කරයි නම්,
- කාමය වරදවා හැසිරෙයි නම්,
- බොරු කියයි නම්,
- මද පමා දෙකට හේතු වූ මත්පැන් පානය කරයි නම්,
ඔහු දුෂ්ටයෙකු යැයි කියනු ලැබෙයි.
දුෂ්ටයාටත් වඩා දුෂ්ටයා කවරෙක්ද යත්;
යම් පුද්ගලයෙක්
- තමාත් පරපණ නසා, අන් අයත් පරපණ නැසීමෙහි සමාදන් කරවයි නම්,
- තමාත් හොරකම් කර, අන් අයත් හොරකම් කිරීමෙහි සමාදන් කරවයි නම්,
- තමාත් කාමය වරදවා හැසිරී, අන් අයත් කාමය වරදවා හැසිරීමෙහි සමාදන් කරවයි නම්,
- තමාත් බොරු කියා, අන් අයත් බොරු කීමෙහි සමාදන් කරවයි නම්,
- තමාත් මද පමා දෙකට හේතු වූ මත්පැන් පානය කර, අන් අයත් මත්පැන් පානය කිරීමෙහි සමාදන් කරවයි නම්,
ඔහු දුෂ්ටයාටත් වඩා දුෂ්ටයෙක් යැයි කියනු ලැබෙයි.
සත්පුරුෂයා (යහපත් පුද්ගලයා) යනු;
යම් පුද්ගලයෙක්
- පරපණ නැසීමෙන් වැළකෙයි නම්,
- හොරකම් කිරීමෙන් වැළකෙයි නම්,
- කාමය වරදවා හැසිරීමෙන් වැළකෙයි නම්,
- බොරු කීමෙන් වැළකෙයි නම්,
- මද පමා දෙකට හේතු වූ මත්පැන් පානයෙන් වැළකෙයි නම්,
ඔහු සත්පුරුෂයෙකු යැයි කියනු ලැබෙයි.
සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා කවරෙක් ද යත්;
යම් පුද්ගලයෙක්
- තමාත් පරපණ නැසීමෙන් වැළකී, අන් අයත් පර පණ නැසීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි නම්,
- තමාත් හොරකම් කිරීමෙන් වැළකී, අන් අයත් හොරකම් කිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි නම්,
- තමාත් කාමය වරදවා හැසිරීමෙන් වැළකී, අන් අයත් කාමය වරදවා හැසිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි නම්,
- තමාත් බොරු කීමෙන් වැළකී, අන් අයත් බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි නම්,
- තමාත් මද පමා දෙකට හේතු වන මත්පැන් පානය කිරීමෙන් වැළකී අන් අයත් මත්පැන් පානයෙන් වැළකීමෙහි සමාදන් කරවයි නම්,
ඔහු සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයෙක් යැයි කියනු ලැබෙයි.
බාගත කිරීමට 