Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / සීල කථා / දුසිල්වත්හු සීල කථාවට ගැටෙති කෝපවෙති විරුද්ධ ව නැගී සිටිති අසතුට පළ කරති

දුසිල්වත්හු සීල කථාවට ගැටෙති කෝපවෙති
විරුද්ධ ව නැගී සිටිති අසතුට පළ කරති

දුක්කථා සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 294 - 299)

දුස්සීලයා සීල කථාව ඇසෙන විට ම කෝපයට පත්වෙයි. කිපෙයි. ව්‍යාපාදයට පැමිණෙයි. විරුද්ධ ව නැඟී සිටියි. කෝපය, ද්වේෂය හා අසතුට පහළ කරයි.

ඒ කවර හෙයින් ද යත්;

දුස්සීලයා තමා තුළ ඒ සීල සම්පත් (සම්පදාය) නොදකියි. ඒ නිසා ප්‍රීති ප්‍රමෝදය නොලබයි.

එහෙයින් දුස්සීලයාට සීල කථා දුක් කථාය.


බාගත ​කිරීමට