සතුන් මැරීම පුරුදු කිරීම, දියුණු කිරීම, බහුල වශයෙන් කිරීම නිරයේ උපතට හේතු වෙයි. තිරිසන් උපතට හේතු වෙයි. ප්‍රේත උපතට හේතු වෙයි.
යම් හෙයකින් මිනිස් ලොව උපදියි නම්, අල්ප ආයුෂ ඇති වීම පිණිස හේතු වෙයි.
හොරකම් කිරීම පුරුදු කිරීම, දියුණු කිරීම, බහුල වශයෙන් කිරීම නිරයේ උපතට හේතු වෙයි. තිරිසන් උපතට හේතු වෙයි. ප්‍රේත උපතට හේතු වෙයි.
යම් හෙයකින් මිනිස් ලොව උපදියි නම්, ධනය විනාශ වීම පිණිස හේතු වෙයි.
කාමය වරදවා හැසිරීම පුරුදු කිරීම, දියුණු කිරීම, බහුල වශයෙන් කිරීම නිරයේ උපතට හේතු වෙයි. තිරිසන් උපතට හේතු වෙයි. ප්‍රේත උපතට හේතු වෙයි.
යම් හෙයකින් මිනිස් ලොව උපදියි නම්, වෛරය ඇතිවීම සහ සතුරන් ලැබීම පිණිස හේතු වෙයි.
බොරු කීම පුරුදු කිරීම, දියුණු කිරීම, බහුල වශයෙන් කිරීම නිරයේ උපතට හේතු වෙයි. තිරිසන් උපතට හේතු වෙයි. ප්‍රේත උපතට හේතු වෙයි.
යම් හෙයකින් මිනිස් ලොව උපදියි නම්, අභූතයෙන් චෝදනා ලැබීම පිණිස හේතු වෙයි.
කේළාම් කීම පුරුදු කිරීම, දියුණු කිරීම, බහුල වශයෙන් කිරීම නිරයේ උපතට හේතු වෙයි. තිරිසන් උපතට හේතු වෙයි. ප්‍රේත උපතට හේතු වෙයි.
යම් හෙයකින් මිනිස් ලොව උපදියි නම්, මිතුරන් සමඟ බිඳීම පිණිස හේතු වෙයි.
පරුෂ වචන කීම පුරුදු කිරීම, දියුණු කිරීම, බහුල වශයෙන් කිරීම නිරයේ උපතට හේතු වෙයි. තිරිසන් උපතට හේතු වෙයි. ප්‍රේත උපතට හේතු වෙයි.
යම් හෙයකින් මිනිස් ලොව උපදියි නම්, අමනාප ශබ්ද ඇසීම පිණිස හේතු වෙයි.
හිස් වචන (සම්පප්‍රලාප) කීම පුරුදු කිරීම, දියුණු කිරීම, බහුල වශයෙන් කිරීම නිරයේ උපතට හේතු වෙයි. තිරිසන් උපතට හේතු වෙයි. ප්‍රේත උපතට හේතු වෙයි.
යම් හෙයකින් මිනිස් ලොව උපදියි නම්, ඇදහිය නොහැකි වචන ඇසීම පිණිස හේතු වෙයි.
සුරාපානය කිරීම පුරුදු කිරීම, දියුණු කිරීම, බහුල වශයෙන් කිරීම නිරයේ උපතට හේතු වෙයි. තිරිසන් උපතට හේතු වෙයි. ප්‍රේත උපතට හේතු වෙයි.
යම් හෙයකින් මිනිස් ලොව උපදියි නම්, සිහි විකල් (උමතු) බව පිණිස හේතු වෙයි.