Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / සීල කථා / සිල්වතා මෙලොව පරලොව සතුටු වෙයි දුසිල්වතා මෙලොව පරලොව දුක් විඳියි

සිල්වතා මෙලොව පරලොව සතුටු වෙයි
දුසිල්වතා මෙලොව පරලොව දුක් විඳියි

සීලව ස්ථවිර ගාථා ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ ඛුද්දක නිකාය, ථෙරථෙරීගාථාපාළි, ථෙරගාථා, ද්වාදසනිපාතය - පිටු අංක 166 - 167)
  • සීලයෙන් නොහික්මුණු තැනැත්තා මේලොව ද නින්දා ලබයි. පරලොව ද නොසතුටු සිත් ඇත්තෙක් ව වෙසෙයි. සෑම තැන්හි ම දොම්නස් සිතැත්තේ වෙයි.
  • සිල්වත් වූ හික්මුණු තැනැත්තා මේ ලෝකයේ දී ම කීර්තිය ලබයි. පරලොවෙහි ස්වර්ග සැපයෙන් සතුටු වෙයි. සෑම තැන්හි ම සතුටු සිතැත්තේ වෙයි.
  • මේ ශාසනයෙහි සීලය ම අග්‍රය. ප්‍රඥාවන්තයා උතුම් වෙයි. මිනිසුන් සහ දෙවියන් අතුරෙහි ශීල ප්‍රඥා දෙකෙන් ජය ලැබෙයි.

බාගත ​කිරීමට