Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / සීල කථා / දුසිල්වත් වීමේ ආදීනව සහ සිල්වත් වීමේ ආනිසංස

දුසිල්වත් වීමේ ආදීනව සහ සිල්වත් වීමේ ආනිසංස

පාටලිගාමිය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය 1 - පිටු අංක 302 - 305)

දුසිල්වතුන්ගේ සිල් නැති කර ගැනීමේ දොස් පසකි.

  1. සිල් නැති කර ගත් දුසිල්වත් පුද්ගලයා ප්‍රමාදය හේතුවෙන් මහත් වස්තු පිරිහීමකට පත්වෙයි.
  2. සිල් නැති දුසිල්වතුන් කෙරෙහි පහත්, නීච, අපකීර්ති රාවයක් පැතිරෙයි.
  3. සිල් නැති දුසිල්වත් පුද්ගලයා, රජ පිරිසක් හෝ බමුණු පිරිසක් හෝ ගෘහපති පිරිසක් වෙතට බියෙන්, අදක්ෂ ව, පහතට හරවා ගත් මුහුණ ඇති ව එළඹෙයි.
  4. සිල් නැති දුසිල්වත් පුද්ගලයා සිහි මුළා වී කලුරිය කරයි.
  5. සිල් නැති දුසිල්වත් පුද්ගලයා කය බිඳී මිය ගොස් සැප නැති, දුක් ඇති, නපුරු වූ නිරයේ උපදියි.

සිල්වතුන්ගේ සිල් පිරීමේ ආනිසංස පසකි.

  1. සිල්වත් පුද්ගලයා අප්‍රමාදී වීම හේතුවෙන් මහත් ධන ධාන්‍ය හිමි කර ගනියි.
  2. සිල්වත් පුද්ගලයා කෙරෙහි යහපත් කීර්ති රාවයක් පැතිරෙයි.
  3. සිල්වත් පුද්ගලයා, රජ පිරිසක් හෝ බමුණු පිරිසක් හෝ ගෘහපති පිරිසක් වෙතට භය නොමැති ව, දක්ෂ ව, තෙදැති ව එළඹෙයි.
  4. සිල්වත් පුද්ගලයා මනා සිහි ඇති ව ම කලුරිය කරයි.
  5. සිල්වත් පුද්ගලයා කය බිඳී මිය ගොස් දුක් නැති, සැප ඇති දෙව්ලොව උපදියි.

බාගත ​කිරීමට