කැඳ පානය කිරීමෙහි ආනිසංස දසයක් වෙයි.
කවර දහයක් ද යත්;
යමෙක් සිල්වත්, හික්මුණු, බ්‍රහ්මචාරීන්ට සුදුසු කල්හි කැඳ පූජා කිරීමෙන් මේ ආනිසංස දහය සිල්වත්, හික්මුණු, බ්‍රහ්මචාරීන්ට ලබා දෙති. බුදු රජාණන් වහන්සේ විසින් වර්ණනා කළ බෙහෙතක් වන කැඳ පානය කරන බ්‍රහ්මචාරීන්ට මෙය ලැබෙයි.
කැඳ පූජා කළ තැනැත්තාට අනුන් විසින් දුන් ආහාරයෙන් යැපෙන බ්‍රහ්මචාරීන් වෙත කැඳ පූජා කිරීමෙහි විපාකය වශයෙන් දිව්‍යමය හෝ මනුෂ්‍යමය සැප සම්පත් ලැබෙන්නේය. එබැවින් දෙව් මිනිස් සැප කැමති යමෙකු වේ නම් ඔවුන් විසින් නිරතුරු කැඳ දන් දීම සුදුසු වෙයි.