එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි, අනේපිඬු සිටුතුමා පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස් ව ඉඳගත්තේය.
“ගෘහපතිය, ඔබගේ නිවසේ දන් දෙනවාද?” යැයි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.
“එසේය ස්වාමීනි, ඒ ද රූක්‍ෂ කාඩි (ඇඹුල් රසින් යුතු කුළු බඩු ආදිය යොදා සාදා ගන්නා මිරිස් හොද්දක්) දෙවෙනි කොට ඇති කුඩු හාලේ බත්ය”.
“ගෘහපතිය, ප්‍රණීත හෝ ප්‍රණීත නොවන දෙයක් දන් දේ ද,
යම් යම් තැනක ඒ දානයාගේ විපාකය ලැබේ ද, එහෙත් ඒ,
එයට හේතුව ගෘහපතිය, මේවා සකස් නොකොට කළ කර්මයන්ගේ විපාක වන බැවිනි.
එසේ ම ගෘහපතිය, ප්‍රණීත හෝ ප්‍රණීත නොවන දෙයක් දන් දේ නම්,
යම් යම් තැනක ඒ දානයාගේ විපාක ලැබේ නම් ඒ,
එයට හේතුව ගෘහපතිය මේවා සකස් කොට කළ කර්මයන්ගේ විපාක වන බැවිනි.
ගෘහපතිය, අතීතයේ වේලාම නම් බමුණෙක් විය. ඔහු ‘මහා දානය’ නම් වූ මෙබඳු දානයක් දුන්නේය.
ගෘහපතිය, ඒ වේලාම බමුණා වෙන කෙනෙකු යැයි ඔබට සිතීමට පුළුවන. එය එසේ නොවෙයි. එකල මම වේලාම බමුණා වී ඒ ‘මහා දානය’ දුනිමි. එහෙත් ඒ දක්‍ෂිණාව (දානය) පිරිසිදු කිරීමට ප්‍රතිග්‍රාහකයෙක් (සුදුස්සෙක්) එකල නොවීය. කිසිවෙක් ඒ දක්‍ෂිණාව පිරිසිදු නොකළෝය.
ඒ වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, එයට වඩා යමෙක් සෝවාන් පුද්ගලයෙකු වළඳවා නම් එය අතිශයින් මහත්ඵල වන්නේය.
ඒ වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් සෝතාපන්නයන් සියයක් වළඳවා ද, එයට වඩා යමෙක් සකදාගාමි පුද්ගලයෙකු වළඳවන්නේ නම් එය මහත්ඵල වන්නේය.
ඒ වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් සකදාගාමීන් සියයක් වළඳවා ද, එයට වඩා එක් අනාගාමි පුද්ගලයෙක් වළඳවන්නේ නම් එය මහත්ඵල වන්නේය.
ඒ වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් අනාගාමීන් සියයක් වළඳවා ද, එයට වඩා එක් රහතන් වහන්සේ නමක් වළඳවන්නේ නම් එය මහත්ඵල වන්නේය.
ඒ වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් රහතන් වහන්සේලා සිය නමක් වළඳවා ද, එයට වඩා එක් පසේ බුදුවරයෙක් වළඳවා නම් එය මහත්ඵල වන්නේය.
ඒ වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් පසේ බුදුවරුන් සිය නමක් වළඳවා ද, එයට වඩා එක් සම්මා සම්බුදුවරයෙක් වළඳවන්නේ නම් එය මහත්ඵල වන්නේය.
ඒ වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් සම්මා සම්බුදුවරයෙක් වළඳවා ද, එයට වඩා බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය වළඳවන්නේ නම් එය මහත්ඵල වන්නේය.
ඒ වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය වළඳවා ද, එයට වඩා සතර දිගින් වඩිනා මහා සංඝ රත්නය උදෙසා විහාරයක් (කුටියක්, වාසාගාරයක්) කරවයි නම් එය මහත්ඵල වන්නේය.
ඒ වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් සතර දිගින් වඩිනා මහා සංඝ රත්නය උදෙසා විහාරයක් කරවයි ද, එයට වඩා කරුණු දැන පැහැදීමෙන් යුතු ව තුනුරුවන් (බුදුන්, දහම්, සඟුන්) සරණ යයි නම් එය මහත්ඵල වන්නේය.
ඒ වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, එසේ තුනුරුවන් සරණ යාමට වඩා කරුණු දැන පැහැදීමෙන් යුතු ව පන්සිල් සමාදන් වී (සතුන් මැරීමෙන් වැළකී, හොරකමින් වැළකී, කාමය වරදවා හැසිරීමෙන් වැළකී, බොරු කීමෙන් වැළකී හා මද පමා දෙකට කරුණු වූ රහමෙර බීමෙන් වැළකී) වෙසේ නම් එය මහත්ඵල වන්නේය.
ඒ වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, යමෙක් කරුණු දැන පැහැදීමෙන් යුතු ව පන්සිල් සමාදන් වීමට වඩා සුවඳක් සිඹිනා තරම් කාලයක් මෙත් සිත වඩා නම් එය මහත්ඵල වෙයි.
ගෘහපතිය, වේලාම බමුණා ‘මහා දානය’ නම් වූ යම් දානයක් දුන්නේ ද, එයට වඩා යමෙක් දිට්ඨි සම්පන්නයෙකු වළඳවා නම්,
යමෙක් දිට්ඨි සම්පන්නයන් සියයක් වළඳවා ද, එයට වඩා එක් සකදාගාමියකු වළඳවා නම්,
යමෙක් සකදාගාමීන් සියයක් වළඳවනවාට වඩා එක් අනාගාමියකු වළඳවා නම්,
යමෙක් අනාගාමීන් සියයක් වළඳවනවාට වඩා එක් රහතන් වහන්සේ නමක් වළඳවා නම්,
යමෙක් රහතන් වහන්සේලා සිය නමක් වළඳවනවාට වඩා එක් පසේ බුදුවරයෙක් වළඳවා නම්,
යමෙක් පසේ බුදුවරුන් සිය නමක් වළඳවනවාට වඩා එක් සම්මා සම්බුදුවරයෙක් වළඳවා නම්,
යමෙක් සම්මා සම්බුදුවරයෙක් වළඳවනවාට වඩා බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය වළඳවා නම්,
යමෙක් බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය වළඳවනවාට වඩා සතර දිගින් වඩිනා මහා සංඝ රත්නය උදෙසා විහාරයක් කරවා නම්,
යමෙක් සතර දිගින් වඩිනා මහා සංඝ රත්නය උදෙසා විහාරයක් කරවනවාට වඩා, කරුණු දැන පැහැදීමෙන් යුතු ව තුනුරුවන් සරණ යා නම්,
යමෙක් කරුණු දැන පැහැදීමෙන් යුතු ව තුනුරුවන් සරණ යාමට වඩා කරුණු දැන පැහැදීමෙන් යුතු ව පංච සීලය සමාදන් වේ නම්,
යමෙක් කරුණු දැන පැහැදීමෙන් යුතු ව පංච සීලය සමාදන් වීමට වඩා සුවඳක් සිඹිනා තරම් කාලයක් මෙත් සිත වඩා නම්,
යමෙක් සුවඳක් සිඹිනා තරම් කාලයක් මෙත් සිත වැඩීමට වඩා අසුරු සැණක් ගසන පමණ කාලයක් අනිත්‍යය වඩා නම් එය මහත්ඵල මහානිසංස වෙයි”.