ලෝභ නැති අය කුමක් හෝ අරමුණු කරගෙන දානාදී පින් කම් කරනවා. ඒ මිය ගිය ඥාතීන් හෝ දෙවිවරුන් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒ දානය දායකයන්ට ද නිෂ්ඵල වෙන්නේ නැහැ.
තම ඥාතීන් මිය ගිය පසු හඬා දොඩා වැළපීමෙන් මිය ගිය අයට කිසි ම සෙතක් වෙන්නෙ නැහැ. ඒ ඥාති ප්‍රේතයෝ ඒ ආකාරයෙන් ම ඉන්නවා. නමුත් සංඝයා උදෙසා දන් දී එම පින ප්‍රේතයන්ට අනුමෝදන් කළ විට එය ඔවුන්ට බොහෝ හිත සුව පිණිස පවතිනවා.
ඒ පින ඒ මොහොතේ ම ප්‍රේතයන්ට ලැබෙනවා.
ඔබත් තම ඥාතීන්ට අනුකම්පා කරන්නේ නම් ආදරය කරන්නේ නම් පරලොව ගිය ඔවුන් වෙනුවෙන් කළ යුත්තේ දන් දී ඒ පින් අනුමෝදන් කිරීම නොවේ ද?