Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා / දන් දෙන සිල්වතාගේ දෙව් මිනිස් උපත සඳහා වූ ප්‍රාර්ථනා ඉටු වෙයි

දන් දෙන සිල්වතාගේ දෙව් මිනිස් උපත සඳහා වූ ප්‍රාර්ථනා ඉටු වෙයි

දානුප්පත්ති සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 156 - 159)

දානය හේතුවෙන් ලැබෙන නැවත ඉපදීම් අටකි.

  1. මෙලොව යම් පුද්ගලයෙක් පැවිද්දෙකුට හෝ බමුණෙකුට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, පාවහන්, සේනාසන, කුටි හා පහන් උපකරණ දන් දෙයි. නැවත ඒවා ලැබීමට ද පතයි.
    ඔහු පංචකාම ගුණයෙන් යුක්ත වූ ඉන්ද්‍රිය පිනවන මහාසාර (අධික ධන සම්පත්තියෙන් යුත්) රජ කුලයක් හෝ මහාසාර බ්‍රාහ්මණ කුලයක් හෝ මහාසාර ගෘහපති කුලයක් දකියි. ඔහුට මෙසේ සිත් වෙයි. මා මරණින් මතු මෙ වැනි කුලයක ඉපදුනහොත් සුදුසු යැයි සිතා එය පිළිගනියි. අධිෂ්ඨාන කරයි. ඒ අදහස දියුණු කරයි. ඒ හීන වූ සිත මත්තෙහි වූ නිදහස් වීම(මිදීම) පිණිස නොවඩනා ලද හෙයින් එහි උපත පිණිස පවතියි. ඔහු මරණින් මතු මහාසාර රජ කුලයක හෝ මහාසාර බ්‍රාහ්මණ කුලයක හෝ මහාසාර ගෘහපති කුලයක උපදියි.
    එය ද සිල්වත්හුට ම වෙයි. දුස්සීලයාට නොවෙයි. සිල්වතුන්ගේ සිතෙහි අධිෂ්ඨානය පිරිසිදු බැවින් එය සමෘද්ධ වෙයි.
  2. මෙලොව යම් පුද්ගලයෙක්, පැවිද්දෙකුට හෝ බමුණෙකුට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, පාවහන්, සේනාසන, කුටි හා පහන් උපකරණ දන් දෙයි. නැවත ඒවා ලැබීමට ද පතයි.
    ඔහු විසින් මෙසේ අසන ලද වෙයි. චාතුර්මහාරාජික දෙව්ලොව දෙවියෝ දීර්ඝායුෂයහ. මනා වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝය. ඔහුට මෙසේ සිත් වෙයි. මා මරණින් මතු චාතුර්මහාරාජික දෙව්ලොව උපදින්නේ නම් මැනවි. එය පිළිගනියි. අධිෂ්ඨාන කරයි. ඒ අදහස දියුණු කරයි. ඒ හීන වූ සිත මත්තෙහි වූ නිදහස් වීම පිණිස නොවඩනා ලද හෙයින් එහි උපත පිණිස පවතියි. ඔහු මරණින් මතු චාතුර්මහාරාජික දෙව්ලොව උපදියි.
    එය ද සිල්වත්හුට ම වෙයි. දුස්සීලයන්ට නොවෙයි. සිල්වතුන්ගේ සිතෙහි අධිෂ්ඨානය පිරිසිදු බැවින් එය සමෘද්ධ වෙයි.
  3. මෙලොව යම් පුද්ගලයෙක්, පැවිද්දෙකුට හෝ බමුණෙකුට ආහාර, පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, පාවහන්, සේනාසන, කුටි හා පහන් උපකරණ දන් දෙයි. නැවත ඒවා ලැබීමට ද පතයි.
    ඔහු විසින් මෙසේ අසන ලද වෙයි. තව්තිසා දෙව්ලොව දෙවියෝ දීර්ඝායුෂයහ. මනා වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝය. ඔහුට මෙසේ සිත් වෙයි. මා මරණින් මතු තව්තිසා දෙව්ලොව උපදින්නේ නම් මැනවි. එය පිළිගනියි. අධිෂ්ඨාන කරයි. ඒ අදහස දියුණු කරයි. ඒ හීන වූ සිත මත්තෙහි වූ නිදහස් වීම පිණිස නොවඩනා ලද හෙයින් එහි උපත පිණිස පවතියි. ඔහු මරණින් මතු තව්තිසා දෙව්ලොව උපදියි.
    එය ද සිල්වත්හුට ම වෙයි. දුස්සීලයාට නොවෙයි. සිල්වතුන්ගේ සිතෙහි අධිෂ්ඨානය පිරිසිදු බැවින් එය සමෘද්ධ වෙයි.
  4. මෙලොව යම් පුද්ගලයෙක්, පැවිද්දෙකුට හෝ බමුණෙකුට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, පාවහන්, සේනාසන, කුටි හා පහන් උපකරණ දන් දෙයි. නැවත ඒවා ලැබීමට ද පතයි.
    ඔහු විසින් මෙසේ අසන ලද වෙයි. යාම දෙව්ලොව දෙවියෝ දීර්ඝායුෂයහ. මනා වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝය. ඔහුට මෙසේ සිත් වෙයි. මා මරණින් මතු යාම දෙව්ලොව උපදින්නේ නම් මැනවි. එය පිළිගනියි. අධිෂ්ඨාන කරයි. ඒ අදහස දියුණු කරයි. ඒ හීන වූ සිත මත්තෙහි වූ නිදහස් වීම පිණිස නොවඩනා ලද හෙයින් එහි උපත පිණිස පවතියි. ඔහු මරණින් මතු යාම දෙව්ලොව උපදියි.
    එය ද සිල්වත්හුට ම වෙයි. දුස්සීලයාට නොවෙයි. සිල්වතුන්ගේ සිතෙහි අධිෂ්ඨානය පිරිසිදු බැවින් එය සමෘද්ධ වෙයි.
  5. මෙලොව යම් පුද්ගලයෙක් පැවිද්දෙකුට හෝ බමුණෙකුට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, පාවහන්, සේනාසන, කුටි හා පහන් උපකරණ දන් දෙයි. නැවත ඒවා ලැබීමට ද පතයි.
    ඔහු විසින් මෙසේ අසන ලද වෙයි. තුසිත දෙව්ලොව දෙවියෝ දීර්ඝායුෂයහ. මනා වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝය. ඔහුට මෙසේ සිත් වෙයි. මා මරණින් මතු තුසිත දෙව්ලොව උපදින්නේ නම් මැනවි. එය පිළිගනියි. අධිෂ්ඨාන කරයි. ඒ අදහස දියුණු කරයි. ඒ හීන වූ සිත මත්තෙහි වූ නිදහස් වීම පිණිස නොවඩනා ලද හෙයින් එහි උපත පිණිස පවතියි. ඔහු මරණින් මතු තුසිත දෙව්ලොව උපදියි.
    එය ද සිල්වත්හුට ම වෙයි. දුස්සීලයාට නොවෙයි. සිල්වතුන්ගේ සිතෙහි අධිෂ්ඨානය පිරිසිදු බැවින් එය සමෘද්ධ වෙයි.
  6. මෙලොව යම් පුද්ගලයෙක් පැවිද්දෙකුට හෝ බමුණෙකුට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, පාවහන්, සේනාසන, කුටි හා පහන් උපකරණ දන් දෙයි. නැවත ඒවා ලැබීමට ද පතයි.
    ඔහු විසින් මෙසේ අසන ලද වෙයි. නිම්මානරතී දෙව්ලොව දෙවියෝ දීර්ඝායුෂයෝය. මනා වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝය. ඔහුට මෙසේ සිත් වෙයි. මා මරණින් මතු නිම්මානරතී දෙව්ලොව උපදින්නේ නම් මැනවි. එය පිළිගනියි. අධිෂ්ඨාන කරයි. ඒ අදහස දියුණු කරයි. ඒ හීන වූ සිත මත්තෙහි වූ නිදහස් වීම පිණිස නොවඩනා ලද හෙයින් එහි උපත පිණිස පවතියි. ඔහු මරණින් මතු නිම්මානරතී දෙව්ලොව උපදියි.
    එය ද සිල්වත්හුට ම වෙයි. දුස්සීලයාට නොවෙයි. සිල්වතුන්ගේ සිතෙහි අධිෂ්ඨානය පිරිසිදු බැවින් එය සමෘද්ධ වෙයි.
  7. මෙලොව යම් පුද්ගලයෙක්, පැවිද්දෙකුට හෝ බමුණෙකුට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, පාවහන්, සේනාසන, කුටි හා පහන් උපකරණ දන් දෙයි. නැවත ඒවා ලැබීමට ද පතයි.
    ඔහු විසින් මෙසේ අසන ලද වෙයි. පරනිර්මිත වශවර්ති දෙව්ලොව දෙවියෝ දීර්ඝායුෂයෝය. මනා වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝය. ඔහුට මෙසේ සිත් වෙයි. මා මරණින් මතු පරනිර්මිත වශවර්ති දෙව්ලොව උපදින්නේ නම් මැනවි. එය පිළිගනියි. අධිෂ්ඨාන කරයි. ඒ අදහස දියුණු කරයි. ඒ හීන වූ සිත මත්තෙහි වූ නිදහස් වීම පිණිස නොවඩනා ලද හෙයින් එහි උපත පිණිස පවතියි. ඔහු මරණින් මතු පරනිර්මිත වශවර්ති දෙව්ලොව උපදියි.
    එය ද සිල්වත්හුට ම වෙයි. දුස්සීලයාට නොවෙයි. සිල්වතුන්ගේ සිතෙහි අධිෂ්ඨානය පිරිසිදු බැවින් එය සමෘද්ධ වෙයි.
  8. මෙලොව යම් පුද්ගලයෙක් පැවිද්දෙකුට හෝ බමුණෙකුට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, පාවහන්, සේනාසන, කුටි හා පහන් උපකරණ දන් දෙයි. නැවත ඒවා ලැබීමට ද පතයි.
    ඔහු විසින් මෙසේ අසන ලද වෙයි. බ්‍රහ්ම කායික දෙව්ලොව දෙවියෝ දීර්ඝායුෂයෝය. මනා වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝය. ඔහුට මෙසේ සිත් වෙයි. මා මරණින් මතු බ්‍රහ්ම කායික දෙව්ලොව උපදින්නේ නම් මැනවි. එය පිළිගනියි. අධිෂ්ඨාන කරයි. ඒ අදහස දියුණු කරයි. ඒ හීන වූ සිත මත්තෙහි වූ නිදහස් වීම පිණිස නොවඩනා ලද හෙයින් එහි උපත පිණිස පවතියි. ඔහු මරණින් මතු බ්‍රහ්ම කායික දෙව්ලොව උපදියි.
    එය ද සිල්වත්හුට ම වෙයි. දුස්සීලයාට නොවෙයි. සිල්වතුන්ගේ සිතෙහි අධිෂ්ඨානය පිරිසිදු බැවින් එය සමෘද්ධ වෙයි.

මේ දානය හේතුවෙන් ලැබෙන්නා වූ මතු ඉපදීම් අට වෙයි.


බාගත ​කිරීමට