තම නිවස ගිනි ගත් කල එහි යම් බඩු භාණ්ඩයක් වේ ද, එය ඉවත් කළහොත් ගෙහිමියාට එය නැවත ප්‍රයෝජනයට ගත හැකිය. ඉවත් නොකළ බඩු භාණ්ඩ ගිනි ගෙන දැවෙයි. ඒවා ප්‍රයෝජනයට ගත නොහැකි වෙයි.
මෙසේ ම ලෝකය ජරා මරණයෙන් ගිනි ගෙන දැවෙයි. එම නිසා ලෝකය දානයෙන් ම බැහැර කරන්නේ ය.
දන් දෙන ලද්ද මැනවින් ම බැහැර කරන ලද්දේ වෙයි. එයින් සැප සහගත විපාක ලැබෙයි.
නොදෙන ලද්ද එසේ නොවෙයි. සොරු ද ගනිති. රජවරු ද ගනිති. ගින්නෙන් ද නැසෙයි. එසේ නැතහොත් තමා මිය ගිය පසු හෝ ඒවා අතහැරෙයි.
ප්‍රඥාවන්තයෝ මේ කරුණු ගැන මනා අවබෝධයෙන් යුතු ව පරිභෝග ද කරයි. මනා ලෙස දන් දීම ද කරයි.
තමාට හැකි පමණින් දන් දී පරිභෝග ද කොට ප්‍රශංසා කටයුතු වී මරණින් මතු යහපත් වූ දෙව්ලොවට පැමිණෙයි.