දන් දී දිව්‍යමය හෝ මිනිස් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලබන්න
භොජන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 64 - 65)
බොජුන් දන් දෙන දායකයා දන් ලබන්නාට පස් කරුණක් දෙන්නේ වෙයි.
- ආයුෂය දෙයි.
- වර්ණය දෙයි.
- සැපය දෙයි.
- බලය දෙයි.
- ප්‍රඥාව දෙයි.
මෙසේ දන් දෙන දායකයා විසින් දන් ලබන්නාට,
- ආයුෂය දී දිව්‍යමය හෝ මනුෂ්‍ය ආයුෂයට හිමිකරුවෙක් වෙයි.
- වර්ණය දී දිව්‍යමය හෝ මනුෂ්‍ය වර්ණයට හිමිකරුවෙක් වෙයි.
- සැපය දී දිව්‍යමය හෝ මනුෂ්‍ය සැපයට හිමිකරුවෙක් වෙයි.
- බලය දී දිව්‍යමය හෝ මනුෂ්‍ය බලයට හිමිකරුවෙක් වෙයි.
- ප්‍රඥාව දී දිව්‍යමය හෝ මනුෂ්‍ය ප්‍රඥාවට හිමිකරුවෙක් වෙයි.
ප්‍රඥාවන්ත දායකයා ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව දෙන්නේ වෙයි. ඒ නුවණැත්තා සැපයට පැමිණෙයි. මේවා දී යම් යම් තැනක උපදින්නේ නම් දීර්ඝායුෂ ඇති යසස් ඇත්තෙක් වෙයි.
බාගත කිරීමට 