Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා / ලොව දක්ෂිණාවට සුදුස්සෝ දෙදෙනෙකි

ලොව දක්ෂිණාවට සුදුස්සෝ දෙදෙනෙකි

දුක නිපාතය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 124 - 125)

ලෝකයෙහි දක්ෂිණාවට (දානය/පරිත්‍යාගයට) සුදුස්සෝ දෙදෙනෙක් වෙති.

  1. සේඛ තෙමේය (සෝවාන්, සකදාගාමි සහ අනාගාමි මාර්ග ඵල ලාභී පුද්ගලයන් සහ රහත් මාර්ගයේ සිටින පුද්ගලයා සේඛ වෙයි).
  2. අසේඛ තෙමේය (රහතන් වහන්සේ අසේඛ වෙයි).

මොවුන් කෙරෙහි දන් දිය යුතුය. ඔවුහු කයින් ද වචනයෙන් ද සිතින් ද සෘජු වෙති. යාග කරන්නන්ට එය කෙත වෙයි. සේඛ අසේඛයන්ට දෙන දානය මහත්ඵල වෙයි.


බාගත ​කිරීමට