Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා / අන්තිම බත් පිඬත් පිළිගන්නන් ඇත්නම් කොටසක් බෙදා දී අනුභව කරන්න

අන්තිම බත් පිඬත් පිළිගන්නන් ඇත්නම් කොටසක් බෙදා දී අනුභව කරන්න

දාන සංවිභාග සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය 1 - පිටු අංක 344 - 345)

මහණෙනි, බෙදා දී (දාන දී) අනුභව කිරීමේ විපාකය (ආනිසංස) මා යම් සේ දනිම් ද, එසේ අන් අයත් දන්නේ නම්, නොදී අනුභව නොකරන්නාහුය. මසුරු (ලෝභ, කුම්මැහි) පාපය ඔවුන්ගේ සිත හාත්පසින් අල්ලා ගෙන නොසිටින්නේය. ඔවුන්ගේ යම් අන්තිම බත් පිඬක් වේ ද, පිළිගන්නෝත් වෙත් නම් එයින් ද කොටසක් නොදී අනුභව නොකරන්නෝය.

මහණෙනි, බෙදා දී අනුභව කිරීමේ විපාක මා දන්නා අයුරින් මිනිස්සු නොදන්නා බැවින් බෙදා නොදී අනුභව කරති. මසුරු පාපය ද ඔවුන්ගේ සිත හාත්පසින් මැඩ ගෙන සිටියි.


බාගත ​කිරීමට