දානයේ අනුසස් පසකි
දානානිසංස සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3, පිටු අංක 62 - 63)
දානයේ අනුසස් පසකි.
- දන් දෙන්නා බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි.
- ශාන්ත සත්පුරුෂයෝ (නිවුණු, සැනසුණු, සාමකාමී, යහපත් පුද්ගලයෝ) ඔහු ඇසුරු කරති.
- දන් දෙන්නා ගැන යහපත් කීර්ති ඝෝෂාවක් පැතිරී යයි.
- දන් දෙන්නා ගිහියෙකු විසින් කළ යුතු යහපත් දෙයින් බැහැර නොවෙයි.
- මරණින් මතු සුගතිය වූ දෙව්ලොව උපදියි.
සත්පුරුෂ ධර්මය අනුව යන දන් දෙන්නා බොහෝ දෙනාට ප්‍රිය වෙයි. ශාන්ත බ්‍රහ්මචාරී සත්පුරුෂයෝ ඔහු ඇසුරු කරති. ඔවුහු සියලු දුකින් මිදීමට ධර්මය දේශනා කරන සේක. ඔහු මේ ධර්මය දැන මෙලොව දී ම ආශ්‍රව රහිත වූයේ පිරිනිවී යයි.
බාගත කිරීමට 