මෙකල සිදු කරන පාංශුකූලය දීම කළ යුතු බවට බුදු රජාණන් වහන්සේ විසින් වදාළ පිරිසිදු සද්ධර්මය ඇති ත්‍රිපිටකයේ කිසි තැනක සඳහන් නොවෙයි.
කර්ම සහ කර්ම ඵල පිළිබඳව අවබෝධය නොමැති බැවින් හෝ බුදු රජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය නොඅදහන බැවින් එනම් ශ්‍රද්ධාව නොමැති බැවින් හෝ සද්ධර්මය මනා ව අසා නැති බැවින් ගිහි පැවිදි පිරිස් මෙසේ පාංශුකූලය දීම සිදු කරනු පෙනෙයි.
පාංශුකූලය දීම කෙනෙකු මිය ගිය පසු කළ යුතු මහත් වටිනා පින්කමක් නම් සියල්ල දන්නා වූ දක්නා වූ එනම් සර්වඥ, ලොවට කරුණාවන්ත ම ශාස්තෘ වූ එනම් මහා කරුණා සමාපත්තියෙන් යුත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් නිසැක ව ම ලොවට වදාරන සේක.
යමෙක් තමන් මිය ගිය පසු දෙන පාංශුකූලය ගැන සිහි කිරීම හෝ එය ප්‍රාර්ථනා කිරීම හෝ කැමති වීම යනු නොදැනුවත් ව ම ප්‍රේත ලෝකය උපාදානය කිරීම වෙයි. මිය ගිය පසු අනුන් දෙන පින් ලබා ගැනීමට පැමිණෙන්නේ ප්‍රේතයන්ය. මිය යන මොහොතේ පාංශුකූලයෙන් පින් ගැනීම සිහි වුවහොත් පින් ගැනීමේ අපේක්‍ෂාවෙන් ප්‍රේත ලොව ඉපදිය හැකිය (උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති). මෙය පාංශුකූලයේ ඇති මහත් භයානක දෝෂයක් නොවේ ද?
තථාගතයන් වහන්සේ විසින් ධර්මවාදී හෝ අධර්මවාදී භික්ෂුවක් හඳුනා ගන්නා අයුරු පැහැදිලි ව දේශනා කරන ලද සේක.
කරුණු දහ අටකින් අධර්මවාදී භික්ෂුව දත යුතු බව වදාළ සේක.
මේ කරුණු දහ අටෙන් යුත් භික්ෂුව අධර්මවාදී භික්ෂුවක් යැයි දත යුතුය.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, මහාවග්ගපාළි 2, කොසම්බක්ඛන්ධකය - පිටු අංක 842 - 895)
එසේ නම් තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද පාංශුකූලය දීම පනවන ලදැයි දැක්වීම නුසුදුසු නොවේ ද?
තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයට පත් සෝවාන් වූ විශාඛා උපාසිකාව තම ප්‍රිය මනාප මිනිබිරිය මියගිය පසු බුදු රජාණන් වහන්සේ හමුවීමට පූර්වාරාමයට පැමිණියා මිස පාංශුකූලයක් දුන් බවක් සඳහන් නොවෙයි.
එකල භික්ෂූන් වහන්සේලා ද අපවත් වූ පසු පාංශුකූලයක් දුන් බවක් ත්‍රිපිටකයේ කිසි තැනක සඳහන් නොවෙයි.
මෙකල සමහර භික්ෂූන් වහන්සේලා තම උපාධ්‍යයන්, ගුරුවරුන්, සහෝදර භික්ෂූන් මිය ගිය විටෙක පවා පාංශුකූලය දෙති. මෙහි අර්ථය නම් ඒ මිය ගිය තම උපාධ්‍යයන් වහන්සේලා, ගුරුවරු, සහෝදර භික්ෂූන් වහන්සේලා සිල් නොරැක්ක බවත්, ඔවුන්ට සමාධියක් හෝ ප්‍රඥාවක් නොතිබුණු බවත් වෙයි.
බුදු රජාණන් වහන්සේ විසින් මෙසේ වදාළ සේක. සීලවන්තයා දුගතියට නොයන්නේය. සමාධියෙන් යුතු මහණ රූපාවචර හෝ අරූපාවචර ලෝකයන්හි උපදින්නේය. අවම වශයෙන් සද්ධානුසාරී හෝ ධම්මානුසාරී මහණ ද දෙව්ලොව උපදින්නේය.
පාංශුකූලයෙන් පින් ගැනීමට පැමිණෙන්නේ ප්‍රේතයන් වන බැවින් සිල් රැක්කේ නම්, සමාධිය වැඩුවේ නම්, ප්‍රඥාව ඇත්තේ නම් කෙසේ ප්‍රේත ලොවට යන්නේ ද?
තම උපාධ්‍යයන් වහන්සේ හෝ ගුරු ස්වාමීන් වහන්සේ හෝ සහෝදර භික්ෂූන් වහන්සේ මරණයට පෙර සිල්වත් වීමට, සමාධිමත් වීමට, ප්‍රඥාවත් වීමට ඔවුන්ට අවවාද නොකළ බැවින් සහ එවැනි නොහික්මුණු, අසත්පුරුෂ, මෝඩ, පෙරේතයෙකු හා සමාන ජීවිතයකින් යුත් කෙනෙකු ඇසුරු කළ බැවින් පාංශුකූල දෙන්නා වූ මේ සියලු හිතවත් භික්ෂූන් වහන්සේලා ඒ කාරණාවෙන් ගැරහිය යුතු වෙයි.
එකල භික්ෂූන් වහන්සේලා අමු සොහොනට ගොස් මළ මිනී ඔතා තිබූ රෙදි කුණු වූ මළ මිනීවලින් ඉවත් කර ගෙන හෝ කුණු ගොඩවල ඇති රෙදි අහුලා ගෙන සිවුරු සකස් කර ගත්හ. එම සිවුරු පාංශුකූල සිවුරු ලෙස හැඳින්වෙයි.
ධර්මය පිළිබඳව අවබෝධයක් නොමැති, නුවණ ද නැති සමහර බෞද්ධ උපාසක උපාසිකාවෝ පාංශුකූලය මිය ගිය ඥාතියා වෙනුවෙන් කළ යුතු මහා කුසලයක් ලෙස වරදවා සලකති. එසේ නැතහොත් සමහරු චාරිත්‍රයක් ලෙස සලකා පාංශුකූලය වැනි දේ කරති.
පාංශුකූලයට වඩින භික්ෂු භික්ෂුණීන්ට මිල මුදල් දීම හේතුවෙන් භික්ෂු භික්ෂුණීන්ගේ සීලය බිඳෙයි. එනම් දුසිල්වත් වෙයි. දුසිල්වතුන්ට දෙන දානය හෝ උපස්ථාන කිරීම් මහත්ඵල නොවෙයි. උපාසක උපාසිකාවන්ට ද එය හානියක් ම වී ඇත.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පාරාජිකපාළි, රූපියසික්ඛාපදය - පිටු අංක 580 - 585 / රූපියසංවොහාර සික්ඛාපදය - පිටු අංක 584 - 589)
අවමඟුල් ගෙදරක දී මිය ගිය පුද්ගලයා ගැන සමහර භික්ෂු භික්ෂුණීහු අසත්‍ය ගුණ (බොරු සහ හිස් වචන) කියති. එය ද අකුසලයකි.
සමහර භික්ෂු භික්ෂුණීහු පාංශුකූලය දීම මහත් කුසලයක් ලෙස පෙන්වීමට උත්සාහ කරති. එය ඔවුන්ගේ වංචාව සහ බොරුව වෙයි. එය ද අකුසලයකි.
සමහරු බුදු රජාණන් වහන්සේ විසින් නොවදාළ පාංශුකූලයට නොයන භික්ෂු භික්ෂුණීන්ගෙන් උපාසක උපාසිකාවන්ට ප්‍රයෝජනයක් නැති බවට අමූලික චෝදනා කර මුසාවාද ද කියා බොහෝ අකුසල් රැස් කරති.
මිය ගිය කෙනෙකු ප්‍රේතයෙකු වුවහොත් ඔහුට ඥාති හිත මිතුරන් දෙන පින් ලබා ගත හැකිය. නමුත් නිරයේ, තිරිසන් ලොව, මිනිස් ලොව හා දෙව් ලොව යන ලෝකයන්හි උපදින්නෝ එහි ඔවුන්ගේ ආහාරයෙන් යැපෙති. පින් ලබා ගැනීමට නොපැමිණෙති.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6, ජාණුස්සොණි සූත්‍රය - පිටු අංක 490 - 499)
ඥාති හිත මිතුරන් විසින් කුසල් කර පින් අනුමෝදන් කිරීමෙන්, පින් ගත හැකි තැනක (ප්‍රේතයෙකු වී) සිටී නම් මිය ගිය තැනැත්තාට ඒ පින් ලැබී එහි විපාක එසැණින් පහළ වෙයි (දිව්‍යමය සැප සම්පත් ලැබෙයි). කුමන විපාක ද යත්;
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පෙතවත්ථුපාළි, සානුවාසි පෙතවත්ථු - පිටු අංක 78 - 85)
ඔබට ද අද හෝ හෙට හෝ යම් දිනක මිය යාමට සිදු වනු ඇත. එම නිසා අප්‍රමාදී වන්න. නැතහොත් පසුතැවිලි වීමට සිදු වෙයි. ඔබගේ වස්තුව, දේපල හා ඥාති හිත මිතුරන් සියල්ල අතහැර යාමට සිදු වෙයි. ඒවා පරලොවට රැගෙන යාමට නොහැකිය. ඔබ රැස් කළ කුසල් අකුසල් (පින් පව්) පමණක් ම රැගෙන ගිය හැකිය.
ඔබ මිය ගිය පසු ඔබ වෙනුවෙන් දෙන පාංශුකූලය ගැන සිහි කිරීම හෝ ප්‍රාර්ථනා කිරීම හෝ කැමති වීම යනු ඔබ නොදැනුවත් ව ම ප්‍රේත ලෝකය උපාදානය කිරීම වෙයි. මිය ගිය පසු අනුන් දෙන පින් ලබා ගැනීමට පැමිණෙන්නේ ප්‍රේතයන්ය. මිය යන මොහොත් පාංශුකූලයෙන් පින් ගැනීම සිහි වුවහොත් පින් ගැනීමේ අපේක්‍ෂාවෙන් ප්‍රේත ලොව ඉපදිය හැකිය (උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති).
මිය ගිය පසු අනුන් දෙන පිනෙන් යැපීමට කැමති වී ප්‍රේත ලොව උපදිනවා ද?
මේ මොහොතේ කුසල් කර සුගතිගාමී වනවා ද?
ඔබට මෙය වැටහේ නම් ඥාති හිත මිතුරන්ගෙන් මෙසේ විමසන්න.
‘මා මිය ගිය පසු ප්‍රේතයෙකු බවට පත් කර පාංශුකූල දීමට කැමති ද? නැතහොත් මිය ගොස් සුගතිගාමී වනු දකින්නට කැමති ද?
මා එසේ සුගතිගාමී වීම දකින්නට කැමති නම්, මිය ගිය පසු මට වටිනා මිනී පෙට්ටි, උත්සව, පාංශුකූල අවශ්‍ය නැත. එයට වැය වන මුදල් යොදවා අපි එකතු වී,
මහත්ඵල මහානිසංස වන එම කුසල් අප සියලු දෙනාට ම සුගතිගාමී වීම පිණිස පවතිනු ඇත’.
මිය ගිය පසු අනුන් දෙන පිනෙන් යැපීමට කැමති වී ප්‍රේත ලොව උපදිනවා ද?
ජීවත් ව සිටිනා කල තුනුරුවන් සරණ ගොස්, දන් දී, සිල් රැක, පොහොයට පෙහෙවස් සමාදන් වී මරණින් මතු සුගතිගාමී වනවා ද?