සෝතාපත්ති අංග කවරේ ද?
කල්‍යාණ මිත්‍ර සේවනය සෝතාපත්ති අංගයකි, සද්ධර්ම ශ්‍රවණය සෝතාපත්ති අංගයකි, යෝනිසෝමනසිකාරය සෝතාපත්ති අංගයකි, ධම්මානුධම්ම ප්‍රතිපදාව සෝතාපත්ති අංගයකි.
කල්‍යාණ මිත්‍ර සේවනය යනු;
ශාස්තෘන් වහන්සේ හෝ ශාස්තෘන් වහන්සේගේ ධර්මය ප්‍රකාශ කරන ශ්‍රාවකයකු ඇසුරු කිරීම කල්‍යාණ මිත්‍ර සේවනය වෙයි.
සද්ධර්ම ශ්‍රවණය යනු;
ඒ කල්‍යාණ මිත්‍රයාගෙන් සත්‍ය අනුලෝමික ඥානය ඝටිත වූ (යෙදුණු) චතුරාර්ය සත්‍ය හොඳින් දැනගැනීම සද්ධර්ම ශ්‍රවණය වෙයි.
යෝනිසෝමනසිකාරය යනු;
උදය වය ඥානයෙන් යුතු ව ස්කන්ධ, ධාතු හා ආයතනත අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ලෙස නුවණින් විමසීම යෝනිසෝමනසිකාරය වෙයි.
ධම්මානුධම්ම ප්‍රතිපදාව යනු;
කතා කරන විට ධර්මය ම කතා කිරීම සහ අධර්මය කතා නොකිරීමට හික්මීම, සිතන විට ධර්මය ම සිතීම සහ අධර්මය ගැන නොසිතීමට හික්මීම, අන් සෑම අවස්ථාවක ම සිහි නුවණින් (සති සම්පජඤ්ඤයෙන්) යුතු ව මැදහත් ව ජීවත් වීමට හික්මීම ධම්මානුධම්ම ප්‍රතිපදාව වෙයි.
සෝතය යනු කවරේ ද?
සෝතය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි වෙයි.
සෝතාපන්න යනු කවරේ ද?
යමෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුතු වූයේ සෝතාපන්න යැයි කියනු ලැබෙයි.