Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මෙ කල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණු වල නිවැරදි අර්ථ සහ විග්‍රහ /

වාද විවාද කරන්න එපා
විවාද කිරීම අපායෙහි ඉපදීම පිණිස පවතියි

මහා වියුහසුත්තනිද්දෙසො ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, මහානිද්දේසපාළි - පිටු අංක 416 - 421)

යෙ කෙචි’මෙ දිට්ඨිපරිබ්බසානා

ඉදමෙව සච්චන්ති ච වාදයන්ති,

සබ්බෙව තෙ නින්දමන්වානයන්ති

අථො පසංසම්පි ලභන්ති තත්ථ

තම දෘෂ්ටිය දැඩි ව ගෙන වසන යම් මහණ බමුණු කෙනෙක් මෙය ම සත්‍ය වෙයි, අන් සියල්ල බොරු යැයි කියත් නම් ඒ සියලු ම මහණ බමුණෝ නින්දාවට ම, අපකීර්තියට ම පැමිණෙත් ද? ඒ දෘෂ්ටිය හේතු කොට ගෙන ප්‍රශංසාත් ලබත් ද?

අප්පඤ්හි එතං න අලං සමාය

දුවේ විවාදස්ස ඵලානි බ්‍රෑමි,

එතම්පි දිස්වා න විවාදයෙථ

ඛෙමාදි පස්සං අවිවාදභූමිං

ඒ ලබන ප්‍රශංසා අල්ප වෙයි, පවිටු වෙයි, ස්වල්පයක් වෙයි. එය රාගය සංසිඳීම පිණිස, ද්වේෂය සංසිඳීම පිණිස, මෝහය සංසිඳීම පිණිස, සියලු දුෂ්චරිතයන්ගේ සංසිඳීම පිණිස, සියලු අකුසලයන්ගේ සංසිඳීම පිණිස, නිවන පිණිස නොපවතියි. මෙසේ කලහ විවාද කිරීමෙහි ඵල දෙකක් වෙයි. එනම් ජය පරාජය වෙයි, ලාභ අලාභ වෙයි, යස අයස වෙයි, නින්දා ප්‍රශංසා වෙයි, සැප දුක් වෙයි, සොම්නස දොම්නස වෙයි.

ඒ කලහ විවාද කිරීමෙහි කර්මය නිරයෙහි ඉපදීම පිණිස පවතියි, තිරිසන් ලොව ඉපදීම පිණිස පවතියි, ප්‍රේත ලොව ඉපදීම පිණිස පවතියි.

මෙම ආදීනවය දැක බලා තුලනය කොට, තීරණය කොට විවාද නොකරන්නෝය, කලහ නොකරන්නෝය, දබර නොකරන්නෝය. කලහ, විවාද, දබර, සණ්ඩු, විග්‍රහ දුරු කරන්නෝය, අවසන් කරන්නෝය, අභාවයට පමුණුවන්නෝය.

මේවායින් වෙන් ව වසන්නෝය. ඒ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමක්, සියලු උපධීන්ගේ දුරලීමෙක්, තණ්හාව දුරු කිරීමෙක්, නිරෝධයෙක්, නිර්වාණයක් වේ නම් එය ක්ෂේම යැයි දැක විවාද නොකරන්නෝය.


බාගත ​කිරීමට