Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මෙ කල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණු වල නිවැරදි අර්ථ සහ විග්‍රහ /

තුනුරුවන් සරණ යෑමෙන් දෙව් ලොව ඉපදෙන බව මුගලන් තෙරණුවෝ කියති
වසවත්ති මාර දෙව් පුත් අනුමත කරයි

වසවත්ති සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුත්ත නිකාය 4 - පිටු අංක 518 - 519)

එකල මහ මුගලන් තෙරණුවෝ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. යම් සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ යම් සේ ද එසෙයින් ම ජේතවනාරාමයෙන් අතුරුදහන් වී පරනිම්මිත වසවත්ති දෙවියන් අතර පහළ වූ සේක.

එකල්හි පරනිම්මිත වසවත්ති දෙව් ලොවට අධිපති වසවත්ති දෙව් පුත් පන්සියයක් දෙවියන් සමඟ පැමිණ මුගලන් තෙරණුවන්ට වැඳ එකත් පස් ව සිටියේය. මහ මුගලන් තෙරණුවෝ මෙසේ වදාළ සේක.

වසවත්ති දේව පුත්‍රය, බුදුන් සරණ යෑම යහපත් වෙයි. මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.

වසවත්ති දේව පුත්‍රය, දහම් සරණ යෑම යහපත් වෙයි. මෙසේ දහම් සරණ යෑම හේතු කොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.

වසවත්ති දේව පුත්‍රය, සඟුන් සරණ යෑම යහපත් වෙයි. මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.

පින්වත් මුගලන් තෙරණුවනි, සත්තකින් ම බුදුන් සරණ යෑම යහපත් වෙයි. මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.

පින්වත් මුගලන් තෙරණුවනි, සත්තකින් ම දහම් සරණ යෑම යහපත් වෙයි. මෙසේ දහම් සරණ යෑම හේතු කොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.

පින්වත් මුගලන් තෙරණුවනි, සත්තකින් ම සඟුන් සරණ යෑම යහපත් වෙයි. මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.


බාගත ​කිරීමට