කෑල (එරබදු) ගසක මල් පිපී තිබෙනු දුටු කෙනෙක් ඇඟිලි බැඳ ගෙන සිද්ධාර්ථ බුදු රජාණන් වහන්සේගේ ගුණ සිහි කර ඒ මල්, ගසේ තිබියදී ම බුදු රජුන්ට පූජා කළා.
අතටවත් නොගෙන කළ ඒ මල් පූජාවෙන් ඔහු කල්ප අනූ හතරක් දුගතියක නොඉපදී ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි ව සියලු කෙලෙසුන් නසා රහත් බව ලැබුවා.